Chapter 3

206 56 16
                                    

Next day

උදේම යන්න හිටියට Mr .Jung ට හදිස්සි මීටින් එකක් වැටිච්ච නිසා හවස 4 ට විතර තමයි කට්ටිය ගමන යන්න පිටත් උනේ.

🐎 අම්මේ මට හරි සතුටුයි . අවුරුදු දෙකකට පස්සේ අප්පත් එක්ක ට්‍රිප් එකක් යන්න.ඇමරිකන් යන්න කලින් මට ඕන උනේ මේක ගෙදර කට්ටියයි යාලුවොයි එක්ක ශා..... මරු මරු.....

ඒත් හොබී දැනන් හිටියනම් මේ යන්නේ එයාගේ ජීවිතේ අන්තිම ගමන කියලා.අප්පා කරපු වැර්දිවලට එයාටත් එයාගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා කියලා එයා කවදවත් ඔහොම සතුටු වෙනේකන් නෑ නේද.

කට්ටිය පිටත් උනා.Mr & Mrs Jung, ජීසුයි,නම්ජූන්නුයි එක වාහනේක ,හොබියි බෑන්ටෑන්ලයි තව වාහනේක අරගොල්ලොන්ගේ පස්සෙන් ආවා.

බෑන්ටෑන්ලයි එකේ ඩ්‍රයිව් කරේ ජින් , පැසෙන්ජර් සීට් එකේ සුගා , පිටිපස්සේ මැද එකේ කුකීයි , හොබියි ,පිටිපස්සේ ටේයි,ජිමිනයි.

500m විතර ගිහින් වාහන දෙක පෙට්‍රල් ශෙඩ් එකකට දැම්මා.වාහන දෙකේ තෙල් ගහ ගන්නකම් ජීසුට කිව්වා එතන තිබුනු කඩෙන් මොනා හරි අරන් එන්න කියලා.ජීසු ගිහින් බිස්කට් , ටොෆි ඔය අනන් මනන් ජාති ටිකක් අරගෙන ඒ බෑග් එක දිහා බලාගෙන කඩෙන් එලියට ආවා.ඒත් එක්කම ජීසු කාගේ හරි ඇගේ හැප්පුනා.කෙල්ල බඩු ටිකත් එක්කම එතන ඩව්න් ද පල්ලම්.බඩු ටිකත් බෑග් එකෙන් වැටුනා.

බඩු ඇහිදිල්ල පැත්තකින් තියලා ජීසු ඒ මනුස්සයගේ යට ඉදලා උඩට බැලුවා.මොකද කෙල්ල දැන් ඉන්නේ ඒ මිනිහගේ පය පාමුලනේ.

පරන නිල් පාට ඩෙනිමකුයි , කලු සුදු ඉරි තීන ශර්ට් එකකුයි, දනහිස හරියට විතර දිග ඕවර් කෝට් එකකුයි තමයි මිනිහා ඇදන් හිටියේ.
අලු දුඹුරු පාර රැවුලයි ඒ පාටම වගේ කොන්ඩෙන් යම් තරමකට රැලි වැටුනු හමයි නිසා ඒ මිනිහට අවුරුදු 60ක විතර පෙනුමක් ඇවිත් තිබ්බා.දැක්ක ගමන් බයට හිත ගැස්සෙන පෙනුමක් තමයි මිනිහට තිබුනේ.හරි අමුතු ගුප්ත පෙනුමක්.එයා ජීසු දිහා බලන් හිටියා.

🐬 අම්මෝ මෙයාව දැක්කම බය හිතෙනවනේ මේ මිනිහව දැක්කම.හරි මන් පිලිගන්නම් අහක බලන් ආපු මගේ අතේ තමයි වැරැද්ද ඒත් මනුස්සකමක් තීනම් පොඩ්ඩක් මට උදව් කරන්න තිබ්බනේ මේ ලට්ට ලොට්ට ටික ඇහිදින්න.කොහෙද මේකා මගේ දිහා කන්න වගේ බලන් ඉන්නවනේ.යා... ජීසුයා තමුසේ හරියට ඇදන් ආවනේ.මේ මිනිහා තමුසෙගේ රන්වන් සරීරේ දිහාද දන්නෑ බලන් ඉන්නේ.තෝත් ඉතිම් දැන් ඇග දිහා එහෙම බලන්න එපා විලි ලැජ්ජාවයි.කොරන්න දෙයක් නෑ ඉක්මනට බඩු ටික අරගෙන සොරි කියලා පලයම් මෙතනින් මනෝ පාරවල් ගගහා ඉන්නේ.අප්පලා තෙල් ගහලත් ඉවරයි.

👻 Revenge 👻 ( Short Story ) ( Completed )Where stories live. Discover now