Chapter 07

375 142 2
                                    

මට බැන්ග් පීඩීනිම් වයි , නම්ජුන් වයි හම්බෙලා දැනට සතියක්..දවල් වරුවෙ නම්ජුන් එක්ක ප්‍රැක්ටිස් කරල හවස් වෙද්දි ක්ලබ් එකට යන්නෙ තාමත් මගෙ විඩියෝ එක දොන්ජො ගාව නිසා..අනික ජුන්ජු ඇමතිත් පරක්කු උනු ගමන්බොඩිගාඩ් කෙනෙක් ව හරි එවන එක පුරුද්දක් වෙලා..හීනෙට යන්න හරිම පාර හම්බුනත්  දොන්ජො  , ඇලෙක්ස් වගේම ජුන්ජු ඇමතිගෙනුත් බේරෙන එක ලෙසි දෙයක් නෙවේ..ටික දවසකින් ඇමතිට මාව එපා වෙයි කියල දොන්ජො කිව්වත් දවසින් දවස ඌ මගෙ ඇගට ආස කලා..කියන්න කෙනෙක් නැතුව , ඒ හැමදේම මං නිදහස් කර ගත්තෙ මියුසික් වලින්..හනී නූනට කෝල් කරල ස්තූති කරත් එයාව හම්බෙන්න යන්න වෙලාවක් ලැබුනෙ නෑ..ඒ නිසාම ඉරිදා හවස නූනට හන් ගග පාක් එකට එන්න කියල මාත් වේලස්සනින් නම්ජුන් ටත් කියල පාක් එකට ආවා..

"අම්මෝ එක සතියට කොල්ලා බිසී වෙලා තියෙන තරමක්"

ආපු ගමන් හනී නූනා හිනා වෙලා කිව්වා.මාත් හිනා වෙලා ගෙනාපු චොක්ලට් එක නූනට දුන්නා..

"අම්මෝ අම්මෝ තෑගිත් ගෙනත්..කෝ බලන්න...ශා කැශූ චොකෝ"

නූනා පොඩි එකෙක් වගේ එතනම චොක්ලට් එක කඩල කන්න පටන් ගත්තා..අපි දෙන්නා බෙන්ච් එක උඩ හිනා වෙවී ඉද්දි නූනා කකා උන්නු චොක්ලට් එකෙන් මටත් කෑල්ලක් දුන්නා..

"ඔන්න මට කොල්ලෙක්ගෙන් කියල හම්බුනු පලවෙනි චොක්ලට් එක හම්බුනේ යුන්ගිගෙන්...කුමාවෝ "

"කුමාවෝ නූනා..මට හරි පාර හොයල දුන්නට.."

නූනා මං දිහා බලල ලස්සනට හිනා උනා..හම්බුනු පලවෙනි දවස වගේමඒ ඇස් දිලිසෙනවා..

"යුන්ගියා ඔයා තාමත් හොදින් නෙවේ නේද...ඔයාගෙ මූනෙ සතුටක් තිබ්බට ඇස් වල මහ අමුතු දුකක් , වේදනාවක් පේනවා..අනික ටිකක් කෙට්ටුත් වෙලාද මන්දා.."

ඔව් නූනා..මේ හැමදේම ඔයා එක්ක කියන්න පුලුවන් උනා නම්..කොයි තරම් දෙයක් ද..මං හිනා උනා විතරයි..ඒත් නූනා බලන් උන්නෙ මං උත්තරයක් දෙනකන්..

"හ්ම්ම්ම්..මං හැමදේම පස්සෙ කියන්නම්කො නූනා.."

ඊට පස්සෙ අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරා..නම්ජුන් කියන්නෙත් නූනා ගොඩක් අදුරන කෙනෙක්..අපි දෙන්නගෙ කතාවට බාධා උනේ එතන්ට ආපු උස මහත මනුස්සයෙක් නිසා..මට ඒ මිනිහව අදුරගන්න බැරි උනේ නෑ..ජුන්ජු ඇමතිගෙ බොඩිගාඩ්..ඒත් එක්කම මිනිහා මට පෙන්නුවෙ ඈතින් නවත්තල තිබ්බ කාර් එක..ශුවර් එකටම ඇමති ඉන්න්ව ඇති ඒකෙ..

CYPHER (Completed)Where stories live. Discover now