දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
උදේ කතා කරපු වෙලේ ඉදන්
සැන්ටා එහා පැත්තෙ බැල්කනියෙ හිටගෙන
මාව දකින දකින සැරේට
රෝසාව ඇගිල්ලෙන් පෙන්න පෙන්න
තොල් මතුර මතුර රහස් කියෝනවා...මටනම් මහම වදයක් වෙලා තිබුනෙ...
මට දැන් කපුකම් කරන්නත් වෙලා...
මම මේ හිතේ තියෙන එක කියාගන්න ගටක් නැතුව ඉන්නවා...
අනුන්ගෙ ඒවා කියන්නෙ කොහොමද මහ පිස්සු උට්ටෙක්...
වෙලාවකට මට සැන්ටා එක්ක මලත් පනිනවා...Interval එකට බෙල් එක ගැහුවම ඇල්බා ගියා කංජපානිගෙන් ඉදියාප්ප ගෙඩි දෙකක් අරන් එන්න...
වෙනදට අපි කැන්ටිමට ගිහින්නෙ කන්නෙ...
මට පන්තියට වෙලා ඉන්න කියලා එයා ගියා ඉදි ආප්ප ගේන්න...මම ගියා පහලට අත හෝදගෙන එන්න...
මම අත හෝදන්න පහලට යනකොට
Tap line එක ළග කොල්ලො පිරිලා...
යන්තන් ඉඩ පාදගෙන පාදගෙන අත හෝදගත්තාට පස්සෙ
ආපහු පන්තියට යන්න ව්දියක් නෑ
උන්ගෙ ඇගවල් වලට මාව හිර වෙලා...ටික වෙලාවක් යනකොට හිමීට හිමීට වෙච්ච කතා බහ
ලොකුවටම යනවා වගේ දැනුන නිසා
කොහොම හරි එළියට යා ගන්න හැදුවත් යා ගන්න බෑ
මාව උන්ගෙ ඇගවල් වලට කිටි කිටියෙ හිර වෙලා...වලියක්....
අපේ ඉස්කොලේ අනිවාර්යයෙන් මාසෙකට වලි දෙක තුනක් යනවමයි...
ඉස්කෝලෙ ඇතුලෙන්පොඩියට පටන් ගන්න වලිය
ඉස්කෝලෙන් එළියටත් අරන් යනව...
දන්න කියන පොඩි චන්ඩි පප්පලා අරන් ඇවිත්
බයිසිකල් චේන්
හෙල්මට්
පොඩි පොඩි ආයුධ වලින් එලියෙදිත් ගහගන්නවා...
ඊටපස්සෙ එකෙක් දෙන්නෙක් ඉස්පිරිතාලෙ නවතිනවා...
එකෙක් දෙන්නෙක් කූඩුවට යනවා...වලියට හේතුව කොනක ඉදන් හොයලා බැලුවොත්
කොන කපාගන්න හිතෙයි...
කොහෙවත් යන ජංගි අම්මන්ඩියෙක් නිසා
කොල්ලො කොල්ලො මරාගන්නවා...බල්ලො බළල්ලු වගේ පොරකාගන්නවට වඩා හොදයි
ජුන්ඩා පළලා ලුණුයි ගොරකයි දානවා...
කොහෙවත් යන පරට්ටියො හින්දා අම්මලා තාත්තලා ඉස්පිරිතාල ගානෙයි
පොලිස්සි ගානෙයි රස්තියාදු වෙවී
එක එකාට වැද වැටෙනවා...