✾10𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2K 394 206
                                    

"හේසුයා.."

ජීයුන්ගේ අතකිනුත් අල්ලගෙන ඇස් පියාගෙන හිටපු හේසු ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ආපු ටේහ්‍යුන්ග්ගේ සද්දෙට..කොල්ල හෙමින් හෙමින් කෙල්ල ළගට එද්දි කෙල්ල කම්මුල්වල තිබ්බ කදුලු කොල්ලට භොරෙන් පිටි අත්ලෙන් පිහදාගත්තේ කොල්ල දකී කියල බයට..ඒත්.කොල්ල දැක්කා..කෙල්ල අඩනවා කියලා..කොල්ල දැක්කා හොදටම..කෙල්ලගේ බෝල ඇස්වල පිරිලා තිබ්බ කදුලු..

"උල්ජිමා බබා.."

කෙල්ලගේ ඔලුව හෙමීට අතගාන ගමන් කොල්ලා කෙල්ලව තුරුලට ගනිද්දි කෙල්ලට නොදැනිම කෙල්ලගේ ඇස්වල හිරවෙලා තිබ්බ කදුලු පේළියට කඩන් වැටුණේ ජීයුන්ගේ අත්වලට..

"ඔප්පා.."

කොල්ලගේ බදවටේ අතදාපු හේසු කොල්ලගේ බඩ උඩ මූණ හේත්තු කරන් අඩන්න පටන්ගත්තේ කොල්ලව තවත් අසරණ කරලා..

කිසිම සෙලවීමක්වත් නැතුව ඔහේ නිදන් ඉන්න ජීයුන් දිහා  ඇස්වල කදුලු පුරෝගෙන බලපු කොල්ලා ලොකු හුස්මක් පහතට හෙලුවේ මේ දේවල්වල අවසානයක් පතන ගමන්මයි....

එක්කෙනෙක් ඇදක් උඩ ඔහේ වැටිල ඉන්නවා කිසිම සිහියක් නැතුව..අනිත් කෙනා විදවනවා හිතින්.කොල්ලගේ චූටි කෙල්ලෝ දෙන්න මේ විදිහට විදවනව බලන්නේ කොහොමද කොල්ලා..මේ තමා කොල්ලගේ පණවල් දෙක..හේසුව වගේම ජීයුන්වත් කොල්ල බලාගත්තේ තමන්ගේ පණටත් වඩා ආදරෙන්.. හරි පරිස්සමට..ඒ රෝසමල් දෙක..අද මැලවිලා තියෙනව බලන් ඉන්නේ කොහොමද කොල්ලා..

"උල්ජිමා මැණික.."


කෙල්ලගේ ඔලුව සිනිදුවට අතගාපු කොල්ලා හෙමින් හෙමින් කෙල්ලගේ පිටට තට්ටු කරන්න ගත්තේ කෙල්ලව ටිකකට හරි සන්සුන් කරන්න..

තිබුණු මහන්සියටත් එක්කම කොල්ලගේ බඩ උඩම නින්ද ගිහින් තිබුනා හේසුට..කෙල්ලව ඇහැරෙන්නේ නැතිවෙන්න සුමුදුවට අත් දෙකට අරගත්තු කොල්ලා හෙමීට කෙල්ලවත් ජීයුන්ගේ පැත්තෙන් ඇලකරලා කෙල්ලො දෙන්න දිහාම ආයේ සැරයක් බලල එළියට ගියේ
ඇස්වල තිබුණු කදුලු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන යන්න දිලා..

කෙල්ලව ඇහැරෙන්නේ නැතිවෙන්න සුමුදුවට අත් දෙකට අරගත්තු කොල්ලා හෙමීට කෙල්ලවත් ජීයුන්ගේ පැත්තෙන් ඇලකරලා කෙල්ලො දෙන්න දිහාම ආයේ සැරයක් බලල එළියට ගියේඇස්වල තිබුණු කදුලු කම්මුල් දිගේ ඔහේ ගලාගෙන යන්න දිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now