✾𝟷𝟷𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.8K 371 234
                                    

"ජීයුනා..එනවා..ලකුණු දාල..එනවා..ඉක්මනට එනවා.මට බයයි .එනවකෝ.."

ෆෝන් එක ගත්ත ගමන් එහාපැත්තෙන් ඇහිච්ච සද්දෙට ගැස්සිලා නැගිට්ට කෙල්ල බෑග් එකත් කරේ දාගෙන ෆෝන් එකත් එක අතකින් අල්ලගෙන දිව්වේ හේසුව හොයාගෙන..

"කොහෙද උබ..? "

"එනව...එනවා.."

කෙල්ල මගදිගටම හේසුටත් බැන බැනම දුවන් ගිහින් නැවතුනේ නෝටීස් බෝඩ් එක ගාව..

"ජීයුනා.."

"බැලුවේ නැද්ද.."

"බයයි..උබම ඉස්සෙල්ලා ගිහින් බලපන්.."

"ආයිශ්..එනවා.."

හේසුවත් අතින් ඇදගෙන වටවෙලා හිටපු ළමයි ටිකවත් එහාට කරගෙන නෝටීස් බෝඩ් එක ගාවට ගියපු කෙල්ල යට ඉදන් උඩට බලන්න ගත්තේ වෙවුලන අතැගිලි බෝඩ් එක පුරාම යවන ගමන්..

Mid Term Evaluation.

Commendable.

Yong Dang So
Yi Yehyuk
Shin Min Su
Kang Cho Hee
Lee Min So
Kim So Hee
Kim So Hung
Park So Young
Choi Dong Yi
Park Eun Hi
Min Hyuk
Song Joo Won
Shin Jae Park
Park Chung Hun
Yeul Baek Hyun
Kang Ha Neul
Dang Eun Kyung
Yi Hae Won
Su Hana
Jung Han Geul
Min Na Ra

යට ඉදන් උඩටම බලාගෙන ගියපු කෙල්ල දන්ග් සෝ නම ගාවින් නැවතිලා ඇස්වල කදුලු පුරෝගෙන හේසු දිහා බලපු කෙල්ල..

"හ්.හේස්.හේසුයා.."

කෙල්ල ඒ වෙනකොටත් හිටියේ අඩන්න ඔන්න මෙන්න.. හේසුනන් නෝටීස් බෝඩ් එක දිහා කන්න වගේ බලන් ඉන්නව තාමත්..

"යා..ආශිට්....ජීයුනා..උල්ජිමා..අඩන්නෙපා..මෙන්න මෙහෙ එනවා.."

තරහින් අඩිත් හප්ප හප්ප සෙනග මැදින් ජීයුන්වත් ඇදගෙන කණුවක් ගාවට ගිය හේසු ජීයුන්වත් ඉන්දවලා කෙල්ලගේ අතට තට්ටු කළේ අඩන්නෙපා කියන්න වගේ..ඒත් කෙල්ලනන් ඉන්නේ හිරකරන් ඉන්න කදුලු එලියට ගන්න බැරුව..කෙල්ලට අඩන්නත් බෑ..එක අතකින් බය..කෙල්ල ඔප්පට මොනවා කියන්නද.අනිත් අතින් දුක..මැරි මැරි පාඩම් කලේ මේකටද..ලෙඩත් හදාගෙන දුක් වින්දේ අන්තිමට මෙහෙම වෙන්නද..

"අනේ..මට බෑ.."

අත් දෙකෙන් මූණත් වහන් බිමට නැවුනු කෙල්ල දිහා බලපු හේසු බිම ඉදගෙන කෙල්ලව බදාගත්තේ කෙල්ලට දුකයි මේ වෙලාවේ කියල දන්න නිසාමයි..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now