Part 16 👨‍❤️‍👨

793 132 69
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
ක්ලැහ් ක්ලාහ්ම්... ක්ළෑහ්...
නෝටීඊඊඊඊඊ... ක්ලෑහ්....""

ඇල්බා මාව හොයනවා...
හොදෑඩේ මටත් පුපේ ඇගිල්ල ගහගෙන නිදාගන්න බැරුවට...
මදෑ හබියාට බ්‍රෙක්ෆස්ට් හදන්න ගියා...
දැන් ඉතින් ලැජ්ජාව පිගානකින් හරි කෝප්පෙකින් හරි වහගන්න තමයි වෙන්නේ...

නෝටීඊඊ...""

ඇල්බාට මාව හොයාගන්න බැරි තරම් කුස්සියේ දුම පිරිලා...
දැන් ඉතින් මම සද්ද නැතුව ඉදියොත් එහෙම
මේ යකා ගිනි නිවන හමුදාවටත් කතා කරලා තමයි නවතින්නෙ...

මම මෙහේ....""

මම හිමීට කතා කලා...
හයියෝහ් සැජ්ජාව බේසමෙන් එකයි...
නොදන්න මගුල් කරන්න යනවට මට හොදෑඩේ...

මොකද්ද මේ වෙලා තියෙන්නේ.... කුස්සිය ගිනි ගත්තාද???

ඇල්බා අත් දෙකෙන්ම දුම එහාට මෙහාට කරගෙන ඇවිත් ජනේලෙ ඇරියා...
කුස්සියෙ පිරිලා තිබුන දුම ඒකෙන් ටිකක් අඩු උනා...
කුස්සියට වෙලා තියෙන විනාසෙ දැක්කහම ඇල්බාට කට වහගන්නත් අමතක උනා...

කුස්සිය හරියට මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් බෝම්බයක් බැදගෙන ඇවිත් කුස්සියෙදි පුපුරෝගෙන වගේ...
සින්ක් එක පුරාම කර වෙච්ච බිත්තර ඔම්ලට් ...
ඔම්ලට් හදන ගමන් ඔම්ලට් එක උඩ දාලා අල්ලන්න ගිහින් වැඩ වැරදිලා
බිමට වැටිලා හම්ටි ඩම්ටි වගේ කහ මදේ චුරු පැනපු බාගෙට තැම්බුන බිත්තර ඔම්ලට්....
කුස්සිය පුරාම ටෝස්ට් කරලා අගුරු වෙච්ච පාන් පෙති....
වතුර රත් වෙන්න කලින් කිරි හදන්න ගිහින් වැරදිලා ඒ කෝප්පත් එහෙම්මමයි...

මේ මොකද්ද නෝටි මේ වෙලා තියෙන්නේ??
හොරෙක්වත් පැනලාද ගෙට??

මම සද්ද නැතුවම හිටියා...
මොනවා කියන්නද??
මට දැන්නම් ඇඩෙන්න වගේ...
ලැජ්ජාවයි දුකයි දෙකම එකට mix කරලා remix වෙලා තියෙන්නේ...

එයාට තේරිලාද කොහෙද මමයි මෙහෙම කලේ කියලා
මගෙ ලගට ඇවිත්
මාව තුරුල් කරගෙන නලල ඉම්බා...
ඊටපස්සෙ මාව බැම්ම උඩින් වාඩි කරවලා
ඉන වටේට අත දාලා ළගට අරන් ඇගට හේත්තු කර ගත්තා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now