✾𝟷𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.8K 378 258
                                    

"යා.තමුසේ මේක ඇතුලටත් එන්නද හදන්නේ මෙන්න මෙතනට වෙලා ඉන්නව.."

ෆෝන් එකත් ඔබ ඔබ කෙල්ලගේ පස්සෙන් එල්ලිලා ආපු හේසු හරි සිහියට ආවේ කෙල්ලගේ සද්දෙට..

"යනවා.. යනවා..ඉක්මනට එනවා.
තමුසේ ගියාම ඕක ඇතුලේ පැලවෙනවනේ.."

කටත් ඇද කර කර කිව්ව කෙල්ල කැන්ටින් එක ළග කණුවකට බර දීලා ආයෙමත් ෆෝන් එක ඔබන්න ගන්නකොට කෙල්ලට හැට හැටේ රවපු කෙල්ල වොශෘම් එක පැත්තට යන්න  ගියෙ මූණ ටිකක් හෝදගන්න..

කෙල්ල හෙමින් හෙමින් ඇතුලට යනකොට මූණ මේකප් කර කර හිටපු කෙල්ලො හතරදෙනාව දැක්කත් නොදැක්ක ගාණට සින්ක් එක ළගට ගියේ කා එක්කවත් ගැටෙන්න යන්න ඕනිකමක් කෙල්ලට නොතිබ්බ නිසා..

"එහාට වෙන්න පුලුවන්ද..කරුණාකරලා."

කෙල්ල ආයාචනාත්ම ස්වරයෙන් කිව්වේ එතන ඉඩ ඇහිරිලා කෙල්ලට ඉඩක් නොතිබ්බ නිසා..

"ට්ච්.කවුද මේ.."

ටිශූ එකකින් තොලත් පිහිද පිහිද එක කෙල්ලෙක් එහෙම කියද්දි  අනිත් කෙල්ලො තුන්දෙනත් කෙල්ල දිහා බැලුවේ හරි පිළිකුල් විදියට..

ටිශූ එකකින් තොලත් පිහිද පිහිද එක කෙල්ලෙක් එහෙම කියද්දි  අනිත් කෙල්ලො තුන්දෙනත් කෙල්ල දිහා බැලුවේ හරි පිළිකුල් විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජියා,මිනා,හේජි...හතරදෙනාම කොලේජ් එක ඇතුළෙ නම ගිය ප්‍රසිද්ධ bully girls ලා තුන්දෙනෙක්..තමන්ගේ තත්වේ නිසා ආඩම්බරෙන් ඉන්න කෙල්ලො තුන්දෙනෙක් කිව්වොත් හරි..තමන්ගේ අප්පලගේ බිස්නස් වගෙම සල්ලි වලින් කකා බිබී බොරු ආටෝපයක් මවාගෙන ඉන්න මේ කෙල්ලො තුන්දෙනා කොයිම වෙලේකවත් අහිංසක පාඩුවේ ඉන්න එක්කෝ තමන්ට වඩා ලස්සන කෙල්ලොන්ට පාඩුවෙ ඉන්න දුන්නෙම නෑ..තුන්දෙනාම හිතාගෙන හිටියේ මේ ලෝකේ ලස්සනම සල්ලිකාරම කෙල්ලෝ තුන්දෙනා වෙන්න ඕනි එයාල කියන එක..ඒ නිසාම මේ තුන්දෙනාටම කොලේජ් එකේ ගෑණු ළමයි හුගක් බයයි වගේම කිසිම කෙනෙක් මෙයාලට උඩින් යන්න එන්නේ නෑ..ඒ වගේම මේ කෙල්ලො තුන්දෙනාම කොල්ල හත්දෙනාට පිස්සු වැටුනු කෙල්ලො..ඒකත් හේතුවක් මෙයාලා ලස්සන අහිංසක ගෑනු ළමයින්ට කරදර කරන්න..මොකද කොල්ලො හත්දෙනාගෙන් එක්කෙනෙක්වත් කැමති නෑ බොරු ආටෝපේට ..විච්චූරණවලට..ජිමින් ජන්ග්කුක් ටේ කියන්නේ කොලේජ් එකේ ප්‍රසිද්ධම කොල්ලො තුන්දෙනා වුණාට මේ එක්කෙනෙක්වත් කෙල්ලන්ව ආශ්‍රය කරන කට්ටිය නෙවේ තමන්ගේ නංගිලා ඇරෙන්න..ඒ නිසාම කෙල්ලො තුන්දෙනා කොයිවෙලෙත් කොල්ලො ටික පස්සේ එල්ලි එල්ලි ගියාට කවුරුත් තඹ සතේකටවත් මේ අයව ගණන් ගත්තේ නෑ..ඒත් මෑතක ආපු කෙල්ලො දෙන්න නිසා ඒ දේ වෙනස් වුනා.. ජන්ග්කුක් නැතිවුණත් ටේ ජිමින් හේසොක් නම්ජූන් හතරදෙනාම කෙල්ලො දෙන්නට හරි එකතුයි..ජන්ග්කුක් ජීයුන් එක්ක කතා නොකලට හේසු එක්ක කතාකලා..මොකද හේසු කියන්නේ ජන්ග්කුක්ගේ දෙවනි නංගි..කොල්ල කෙල්ලො දෙන්නටම ගොඩක් ආදරේ කළා සහෝදරයෙක් විදියට..මේ වෙනස නිසාම..කොලේජ් එකේ කෙල්ලො වගේම මේ තුන්දෙනාම කෙල්ලො දෙන්නට වෛර කළා..මොකද කවුරුත්ම දැනන් හිටියේ නෑ ජියෝන් ජීයුන් වුණාට මේ ජියෝන් ජන්ග්කුක්ගේ නංගි කියල..කිම් හේසුන්  වුනාට මේ කිම් ටේහ්‍යුන්ග්ගේ නංගි කියල..ඒ රහස දැනගන්න ඉඩතිබ්බෙත් නෑ.මොකද හේසුට ඕනිවුණේ නෑ ටේහ්‍යුන්ගගේ නංගි කියල කෙල්ලො ටිකගේ වද විදින්න වගේම ජීයුන්ට ඕනි වුණේ නෑ ජන්ග්කුක්ගේ නංගි කියල බොරු සැලකිලි ගන්න..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now