chapter 1 💑

3.3K 317 17
                                    

කොලෙජ් එකේ ගොඩක් ළමයි මට කැමති නෑ ඒ මං අම්මා අප්පා නැති අනාතයෙක් නිසා..එත් ඒ ඇස් දකිද්දි මට හිතුනෙම මං අනාතයෙක් නෙවෙයි කියල..අනේ මන්දා ඒ ඇස්වලින් මම ලොකු රැකවරණයක් දැක්කා..ඒත් ඒ ඇස් ටිකක් විතර හිතුවක්කාර පාටයි මට හිතුනෙ ඒ හිතුවක්කාර ඇස් මගේත් එක්ක කතා කරනවා කියල..

"ඔව් ඒ ඇස් මගේ ඇස් එක්ක කතා කරා.."

අනේ මට පිස්සු වගෙ.....මට ඕන හැම මොහොතකම ඒ බෝල ඇස් ඇතුල්ලෙ ගිලිලා ජිවත් වෙන්න..එත් එයා මගේ ඇස් ඉස්සරහට එද්දි ඇයි මට කෙලින් ඒ ඇස් දිහා බලන්න බැරි..අනී කෙලින් බලන්න තියා මට එයාව දකිද්දි හරියට ඉන්න තැනත් අමතක වෙනවා..

"නේහා...පිස්සු හැදිගෙන එනවාද.."

අයිශ් මට මේ හිතෙන දේවල් හිනයක් විතරයි..එයා තමයි කෝලෙජ් එකේ ටයිකොන්ඩෝ ටිම් එකේ ලිඩර්..එයා වෙනුවෙන් කෙල්ලො කි දෙනෙක් මරාගන්න හදනවාද..එත් මගේ හිතත් ඒ බෝල ඇස්වලට කියාගන්න බැරි තරම් ලෝබ වෙලා..

මං දැක්ක විදියෙ අවුලක්ද මන්දා...මං දැක්කා ඒ ඇස් හොරෙන් හොරෙන් මගේ දිහා බලනවා කිහිප දවසක්ම..

"අනීයා වෙන්න බෑ.. "

මං වගේ කෙල්ලෙක් දිහා එයාට බලන්න තරම් පිස්සු නෑ..එත් ඒ හුරතල් හිනාව,ඒ හුරුබුහුටි මුණ,ඒ කට හඬ..ඒ කඩවසම් පෙනුම..ඒ විතරක් නෙවෙයි මං වැඩිපුරම කැමති ඒ කතා කරන ඇස්වලට

"ඇයි මට ඒ ඇස්වල මං වෙනුවෙන් ලොකු අරක්ෂාවක් තියෙනවා වගෙ දැනෙන්නෙ..එයා මගේ කවුද.."

සමහර විට එයාට දැනටමත් යොජාචිංගු කෙනෙක් ඇති..අනේ එත් මගේ හිත ගොඩක් රිදෙනවා එහෙම හිතද්දි...අනේ ඒ ඇස් මගේම වෙනවානම්.. නිදාගන්න ගියත් කෑම කන්න ගියත් පාඩම් කරන්න ගියත් හුස්ම ගන්න හැම තත්පරෙම මට හිතුනෙ එහෙමයි...

මං එයා මගේ මුණට මුණ ගැහෙන හැම මොහොතකම එයාගෙන් හැංගෙන්න හදන්නෙ ඇයි කියන්න මං දන්නෙත් නෑ..එත් එයාව දකින හැම වෙලේම මගේ හදවත හයියෙන් ගැහෙනවා..මං දැන් කොලෙජ් එන්නෙත් එයාව දකින්න ඕන නිසා..මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා ඒ බෝල ඇස් දකිද්දි..

මං හැමදාම ටයිකොන්ඩෝ රූම් එක ළඟින් යන්නෙ ඔයාව දකින්න ලැබෙවා කියල හිතින් ප්‍රර්ථනා කරලා..

එහෙම ගිහිපු එක දවසක එයා මගේ ඇස් ඉස්සරහට ආවේ මං නොහිතපු විදියට ඒ මොහොතෙ මං එයාව දැකල පිස්සෙක් නොවුනා කිව්වොත් බොරු එයා හිටියෙ ටිකක් දඩිය දලා මං හිතන්නෙ දැන් වෙන්නැති පුහුණුවිම් ඉවර වෙන්නැත්තෙ...එයාගේ කොණ්ඩ කෑලි දඩියට තෙත් වෙලා නළලටම ඇලිලා තිබුනා..එක දඩිය බිංදුවක් එයාගෙ බෙල්ල දිගෙ පළලට රැටලා ගියෙ මට තඩි කෙල ගුලියකුත් ගිලෙද්දි..

ඒ ඇස්නම් ටික වේලාවක් මං දිහා පුදුමෙන් වගෙ බලන් ඉදලා ඇස් පිය ගැහුව්වා එයා ඇස් පිල්ලන් ගහනවා දැකලය් මම පියවි සිහියට ආවේ..කටත් හයි ගලා ඇරන් එයාව කන්න වගෙ බලන් ඉදපු මට දැනුනේ පොලොව පලන් යන්න තරම් ලැජ්ජාවක්...

"නේ හා"

මම එකසැරෙ පිටිපස්ස හැරිලා දුවන්න හැදුවත් මගේ නම කියන ගමන් එයා මගේ අතකින් අල්ලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම එකසැරෙ පිටිපස්ස හැරිලා දුවන්න හැදුවත් මගේ නම කියන ගමන් එයා මගේ අතකින් අල්ලගත්තා..මට ඒ ඇස් දිහා කෙලින් බලන්න ලොකු ලැජ්ජාවක් දැනුනා..මොකද මං ටිකකට කාලින් එයා දිහා බලන් හිටියෙ සාගතේට අහුවෙච් සොමාලියන්කාරයෙක් පාන් පෙත්තක් දිහා බලනවා වගේ..

"මියානේ ජොංකුක් ඔප්පා"

මම එහෙම කියල එයා අල්ලන් ඉන්න මගේ අත ගලවගන්න හැදුවත් එයා මගේ අත අතරිනවා වෙනුවට කරෙ මාව ඒ ඇස් ඉස්සරහට ඇදලා ගත්ත එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම එහෙම කියල එයා අල්ලන් ඉන්න මගේ අත ගලවගන්න හැදුවත් එයා මගේ අත අතරිනවා වෙනුවට කරෙ මාව ඒ ඇස් ඉස්සරහට ඇදලා ගත්ත එක..

To be continued

<❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕>

නේහාකුක් COLLEGE LOVE STORY ️එක දැනගන්න කැමතිද...

හැමෝම පරිස්සමෙන් ඉන්න
සරන්හේයො_❤️
මාකි_💜️

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now