chapter 22 💑

1.4K 234 25
                                    


"මියානෙ බබා.."

කුක් ICU රූම් එකේ දොරට වරුවෙලා ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවෙන කොල්ලගේ මුළු ආත්මය උන නේහා දිහා බලන් එකම වචනෙ දැන් සිය වතාවටත් වැඩිය මිමිනුවේ කොල්ලගේ ඇස් කදුලුවලට හුරුකරගෙන..

"කුකි නේහාට මුකුත් වෙන්නෙ නෑ..දැන් මෙතනින් ඇවිත් වඩිවෙන්න.."

හොබි ඇවිත් කුක්ගේ පිටට අතක් තියල කතා කරෙ ළඟ තිබුන පුටුවක් පෙන්නල වඩිවෙන්න කියල..මොකද කොල්ල නේහාව ICU ගත්ත වේලේ ඉදන් දැන් මේ දොරට වරු වේලා ඉන්නෙ පැය දෙකක් තිස්සෙ..

"වෙන්නෙ නෑ නෙවෙයි මුකුත් වෙන්න බෑ හ්‍යුංන් මගේ නේහාට..මම අර &#$ව කෑලි කරනව හ්‍යුංන් "

"යුමිට දැනටමත් ලැබෙන්න ඕන දඩුවම ලැබිලා ඉවරයි කුකි.."

යුමිව පැය විසි හතරයක් යන්නත් කලින් ලෝකප් කරෙ මිනිමැරිමට තැත් කිරිම සම්බන්ධයෙන් වැරදිකාරියක් විදියටයි..එත් කුක්ට නම් ඕන උනේ යුමිව පණ පිටින් වලලන්න ඒ තරම් ලොකු කේන්තියක් කොල්ලගේ හිතෙ යුමි ගැන තිබුනා..

"අයිශ්..මගේ කෙල්ලට මෙහෙම දේයක් උනේ මම නිසායි හ්‍යුංන්"

කුක් අත මිට මොලවලා ළඟ තිබුන බිත්තියකට ගහගත්තෙ කොල්ලගේ ඇස්වලින් කදුලු පිට පනිද්දි..හොබි කුක්ව අල්ලගන්න හැදුවත් කුක් ICU එකේ දොර ලගම රුටලා ගිහින් වැටුණේ මහ හයියෙන් ඉකි ගගහ අඩනගමන්..

හේසන් මේ හැම දේයක්ම බලාගෙන ඉදියෙ ලොකු කේන්තියකින්..කොල්ලගේ හිතට කුක් එක්ක තිබුණෙ පුදුම කේන්තියක්..මොකද හේසන් හිතුවේම නේහාට මෙහෙම දේයක් උනේ කුක් නිසා කියලයි..කුක් එක්ක කොච්චර තරහින් හේසන් හිටියත් ඒ හිත නේහා ගැන කුක් තරමට දුක් උනා..

"අනේ පුතේ මගේ දෝණිට මොක්කද උනේ.."

ටේහ් ජිමින් එක්කගෙන ආව නේහාගේ හල්මොනි බිම වඩිවෙලා ඉන්න කුක් ළගට දුවගෙන ඇවිත් කොල්ලගේ අත් දෙක අල්ලගෙන ඇඩුවේ චුටි කාලේ ඉදන් හරි පරිස්සමට බලාගත්ත තමන්ගේ එකම වස්තුවට මේවගේ දේයක් වෙයි කියල ඒ අහිංසක හිත හිනෙකිවත් නොහිතපු නිසා..

"අනේ හල්මොනි ඔහොම අඬන්න එපා "

කුක් මෙතනදි ගොඩක් සංවේදි කොල්ලට හිතගන්නත් බෑ නේහාගේ හල්මොනිට මේ වේලාවේ මොනවා කියන්නද කියල..

College Love Story 💑 ||JJK|| (Completed ✔️)Where stories live. Discover now