7

111 27 25
                                    

Mr.Intruder
ඔයා ඇයි ඔයාගෙ ෆොටෝ එකක් එවන්නැත්තේ


_I'm_a_little_potato_
මොකද මට එවන්න ඕනේ නැති නිසා


Mr.Intruder
ඒ ඔයා වයසක කෙනෙක් නිසා නෙවෙයිද?


_I'm_a_little_potato_
වෙන්නැති

_I'm_a_little_potato_
මට ඔච්චර කියන්නේ..
ඔයාට එවන්න බැරි ඇයි?

_I'm_a_little_potato_
ඊයේ දවසම ඔයා එවුව මැසේජ් වල තිබ්බේ
මගෙ ෆොටෝ එක ගැන.


Mr.Intruder
මට සාධාරණ හේතු තියෙනවා.

Mr.Intruder
පොඩ්ඩක් ඉන්න!
මන් ෆොටෝ එකක් ඉල්ලපු නිසාද ඊයෙත් මේ වගෙ හිටියේ.

_I'm_a_little_potato_
නෑ.

Mr.Intruder
නැත්තේ නෑ.

Mr.Intruder
ඇයි ඔයා ඔහොම?

Mr.Intruder
මොකක් හරි අවුලක් වුනාද?


_I'm_a_little_potato_
ඒක ඒ තරම්ම පේනවද?
අපි තාම දවසක්වත් හරියට කතා කලේ නෑනේ.


Mr.Intruder
මට කේන්ති ගියාමත් මන් ඔය වගේ.
ඒක නිසා මන් එහෙම හිතුවා.

Mr.Intruder
මොනා වුනත්,මන් වැරදි නෑ වගේ.


_I'm_a_little_potato_
ම්ම්ම්.. ඒ වගේ..

_I'm_a_little_potato_
මන් මගේ ප්‍රසන්ටේශන් එක අනාගත්තා.

_I'm_a_little_potato_
😫😫😫😫😫

_I'm_a_little_potato_
එහෙමමත් නෑ.
ඒත් මට එහෙම හිතෙනවා.

_I'm_a_little_potato_
මට පැටලුනා සමහර දේවල්.

_I'm_a_little_potato_
ඒ නිසා රිසල්ට් එක ගැන ශුවර් නෑ


Mr.Intruder
හැමදේම 100%ක් හොඳින් කරන්න බැරි වෙන වෙලාවල්
අපි හැමෝටම තියෙනවා.
ඒක සාමාන්‍යයයි.


_I'm_a_little_potato_
ම්ම්ම්..ඇත්ත..
ඒත් අපි අපිටම බැනගන්න එක නතර කරගන්න අමාරුයි.


Mr.Intruder
ඔව්.ඒත් ඔයා ටික ටික ඔය වැරදිවලින් ඉගෙන ගනියි.


_I'm_a_little_potato_
හෝව්!!හෝව්!!
මන් මේ කතා කරන්නේ හරි මනුස්සයට නේද!!?
😲😲


Mr.Intruder
ඇයි!!!???


_I'm_a_little_potato_
ටික දවසකට කලින් මට බනින්න ඕනේ කිවුව මනුස්සයෙක් නේද මේ!!!

Mr.Intruder |SVT| OnholdWhere stories live. Discover now