✾𝟷𝟾𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.5K 334 111
                                    


"යෙබුසේයෝ Sweet heart.."

අනිපැත්තෙන් ඇහුණු කටහඩට කෙල්ල ඇදෙන් බැස්ස නෙවේ පැන්නා කිව්වොත් හරි..

"යෙබුසේයෝ..චැන්‍.."

ඔව් ඒ කතාකළේ චැන්‍යොල්..දැන් කෙල්ලගේ හොදම් යාලුවා එහෙමත් නැත්නම්...

"මොකෝ මේ උදේම නැගිටලා.."

"ඔහ්..නිකන්..ඇයි..කතා කලේ.."

"ඇයි දැන් මට මගේ girlfriend ට කතාකරන්න හේතුවක් ඕනිමද ම්ම්.."

කොල්ල කියද්දි කෙල්ල කෙල්ලගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවුණේ ඉබේමයි..

"කි.කියන්නකෝ.."

"පොඩි දෙයක් අහන්න කතාකලේ.."

"මොනවද.."

"ගමනක් යමුද...මට ශුවර් ඔයා කැමතිවෙයි එතනට.."

"ගමනක්..කො.කොහෙද.."

"අද මගේ යාලුවෙක්ගේ Birthday Party එකක් තියෙනවා City Seven Club එකේ..ම්ම්..ඉතින් මම ගත්තේ මට පාට්නර් කෙනෙකුත් නැති එකේ මාත් එක්ක යමු කියන්න.."

"ම්වෝ..ක්ලබ්.."

කෙල්ලගේ ඇස් ලොකුවුණා..කොච්චර මුරණ්ඩු වුණත්..කොල්ලව මතක් වෙන සැරයක් පාසා ඒ අතැගිලි වෙවුලුව..

කෙල්ලට කවදාවත්ම ක්ලබ් එකකට ගිහින් තිබුණේ නෑ..කෙල්ලව ඒ දේවල්වලට පුරුදු කරල විනාස කරන්න ජන්ග්කුක් කැමතිවුණෙත් නෑ..කෙල්ල දැනන් හිටියේ නෑ ඒ දේවල් ඇතුළේ මොන මොන දේවල් සිද්ධ වෙනවද..ඒක ඇතුලේ ඉන්නේ කොහොම මිනිස්සුද කියල..ඒත් පොඩි කාලේ ඉදලම කෙල්ල සෙනගට ගැවසෙන තැන්වාට හුගක් බයයි.හේතුවක් නැතිවුණත් කෙල්ල ඒ තැන්වලට බයවුණා..කෙල්ල පොඩි කාලේ ඉදන්ම ආස කලේ තනිවෙන්න..තනිකමට.කොල්ල උත්සහ කළෙත් කෙල්ලව නරක නපුරු දේවල්වලින් ඈත්කරල හොද දේවල්වලට පුරුදු කරන්න.ඒ නිසාම අනිත් ගෑණු ලමයින්ට වගේ කෙල්ලට මේව කොහෙත්ම පුරුදු නෑ..

"ඔයා එන්නම ඕනි අරස්සෝ..මම බලන් ඉන්නවා.."

"අන්ද්- චැන්‍..යෙබුසේයෝ..චැන්‍යොල්..ආයිශ්.."

කොල්ල කෙල්ලට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කළේ කෙල්ලව තවත් අසරණ කරල..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now