✾𝟷𝟿𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.6K 336 182
                                    

කණ් අඩි පැලෙන්න තරම් ඝෝෂාව වගේම මහ සද්දෙන් දාල තියෙන සින්දුවල හඩ අස්සක් මුල්ලක් නෑර දෝංකාර දුන්නා..කොටට ඇදගත්තු ගෑණු..පිරිමින්ගේ උකුළවල්වල..ඇගවල්වල ඇතිල්ලි ඇතිල්ලි හුරතල් වෙන ගෑණු,කණමදයෝ වගේ බීගෙන නටන පිරිමි..උමතුවෙන් වගේ හැසිරෙන මිනිස්සු වගේම නාස්පුඩු කඩාගෙන යන සිගරට් දුම් ගද  කෙල්ලට ගෙනාවේ අප්පිරියාවක්.තිබුණු ඝෝෂාවට කෙල්ලගේ කණ් අගුලු වැටෙද්දි කෙල්ල ඇදන් හිටපු ඇදුම අත් අතරට තද කරගත්ත කෙල්ල හෙමින් හෙමින් ඉස්සරහට ගියේ අමුතු බයකින් හිත වගේම මුලු සර්වාංගෙම වෙලාගනිද්දි..

තිබුණු ඝෝෂාවට කෙල්ලගේ කණ් අගුලු වැටෙද්දි කෙල්ල ඇදන් හිටපු ඇදුම අත් අතරට තද කරගත්ත කෙල්ල හෙමින් හෙමින් ඉස්සරහට ගියේ අමුතු බයකින් හිත වගේම මුලු සර්වාංගෙම වෙලාගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෙල්ලට දැනුණේ මහ වරදකාරී හැගීමක්..කෙල්ලට ආයෙමත් හැරිල දුවන්න හිතුණු වාර අනන්තයි..කෙල්ල ගත්තේ වැරදි තීරණයක් කියල හිතුණු වාර අනන්තයි..තමන්ගේ ඔප්පට පිටින් ගියා කියන හැගීම කෙල්ලව අසරණ කළා ගොඩක්..නොදැනුවත්වම කෙල්ලට කොල්ලව ඕනිවුණා වෙනදටත් වඩා. කෙල්ලට මතක්වුණා කොල්ලව වෙනදටත් වඩා ගොඩක්..ළ‍ංවුණේ නැතත් කොල්ල ළගදි දැනෙන ආරක්ශාව කෙල්ලට දැනුනේ නෑ කාගෙන්වත්..දුවල ගිහින් කොල්ලට තුරුල් වෙන්න හිතුණා කෙල්ලට..සමාවෙන්න කියන්න ඕනවුණා කෙල්ලට..දුවල ගිහින් කොල්ලට ගුලිවෙන්න ඕනිවුණා කෙල්ලට..ඒත්..ආපහු හැරෙන්න බෑ  කියල කෙල්ල දැනන් හිටියා..

"ජීයුන්.."

පිටිපස්සෙන් ඇහුණු කටහඩත් එක්කම පිටිපස්ස හැරුණු කෙල්ල දැක්කේ කෙල්ලෙක්ගේ ඉණ වටෙන් අත දාගෙන කොල්ලො ටිකකුත් වටකරගෙන කෙල්ල ළගට එන චැන්‍යෝල්ව...

"හ.හලෝ.."

කෙල්ල හිනාවෙලා හැමෝටම ආචාර කළත්  චැන්‍යෝල්ගේ ඇගේ එල්ලිලා හිටපු කෙල්ල දිහා බැලුවේ හරි පිළිකුල් විදියට..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now