✾𝟸𝟹𝚛𝚍 𝙿𝚑𝚊𝚜𝚎✾

1.7K 353 177
                                    

"කොහොමද ස්වීට්හාර්ට්"

ලොකර් එකට එබීගෙන පොත් ටික අස් කර කර ඉදපු කෙල්ල ගැස්සිලා ගියේ කවුරුහරි ලොකර් එකට ගහන සද්දෙට..

කෙල්ලට කොල්ලගේ කටහඩ ඇහෙනකොට කෙල්ලගේ මුලු සර්වාංගෙම සීතල වෙලා ගියා..බයටම කෙල්ලගේ ඇගිලි වෙවුලන්න පටන්ගනිද්දි ඇස් දෙකම තද කරල පියාගත්ත කෙල්ල ලොකු හුස්මක් ගත්තේ හිතේ තියෙන නොසන්සුන්කම නැති කරගන්න..

"මට පාඩුවේ ඉන්න දෙනවා චැන්‍යොල්.."

කෙල්ල කොල්ලගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන කියනකොට කටකොණින් හිනාවුණු කොල්ලා..

"ඔමෝ..ඇයි බේබි තරහ ගිහින්.."

මුකුත්ම නොකියපු කෙල්ල කොල්ලව මග ඇරල යන්න හැදුවත් කෙල්ලගේ අතකින් අල්ලගත්තු කොල්ලා කෙල්ලව පිටිපස්සේ තිබුණු ලොකර් එකට තල්ලු කළේ තිබුණු තියුණි යතුරු තුඩට කෙල්ලගේ අත සීරිලා යද්දි..

"ආහ්..මට පාඩුවේ ඉන්න දෙනවා.."

එක අතකින් අතත් තද කරල අල්ලගෙන එක අතකින් පුලුවන් ශක්තිය දාලා කොල්ලව තල්ලු කරපු කෙල්ල අතේ තිබුණු පොත් ටිකත් තුරුල් කරගෙන දුවන්න හැදුවත් කෙල්ලට කලින් ඉස්සර වුණු චැන්‍යොල් කෙල්ලගේ අත්ගොබ දෙකෙන් අල්ලලා හයියෙන් ලොකර් එකට හේත්තු කළේ දෙවනි පාරටත් කෙල්ලගේ අත සීරිලා ලේ ගලද්දි.

"උබව මෙච්චර ලේසියෙන් අතාරින්න නෙවේ යකෝ අල්ලගත්තේ..මම උබගේ හැමදේම උදුරගන්නවා..හැමදේම..ඊටපස්සේ උබ නිකන්ම නිකන් ජරා ගොඩක් ජීයුන්..වැඩකට නැති කුණු ගොඩක්.."

කොල්ලා කටකොණින් හිනාවෙද්දි කෙල්ල දැගලුවේ ඒ දරදඩු අත් අතරින් ගැලවෙන්න..

"උබට ගැලවීමක් නෑ ජීයුන්.."

"මට යන්න දෙනවා..මට යන්න දෙනවා..මාව අතාරිනවා..ඔප්පා.."

කෙල්ලගේ ඇස්වල කදුලු පිරුණේ ගතේ වගේම හිතේ තිබුණු වේදනාවට..කෙල්ල ගොඩක් අසරණයි..කාත් කවුරුත් නැතුව..කෙල්ලට මතක්වුනේ කෙල්ලගේ අයියව..කෙල්ල දහස් වාරයක් පැතුවේ කෙල්ලගේ අයියව..

"ඔහ්..තමුසෙගේ මහලොකු අයියා එන්නේ නෑ ස්වීට්..බයවෙන්න එපා.."

"මාව අතාරිනවා චැන්‍යෝල්..මට තමුසේ එක්ක කතාවක් නෑ.."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now