✾𝙻𝚊𝚜𝚝 𝙿𝚑𝚊𝚜𝚎✾

2.9K 403 523
                                    

"අගුරු කෑල්ල මෙච්චර ලස්සනයි කියල දන්නවනන් මම උබව බදිනවා ඔක්කොම පැත්තකින් තියල..."

කෙල්ල ෆ්‍රොක් එකත් උස්සගෙන බැරි බැරි ගාතේ ඩ්‍රෙසින් රූම් එකෙන්
එළියට එනකොට අඩියට දෙකට ගිහින් කෙල්ල ළගට පැන්න හේසු කෙල්ලව අරහෙට මෙහෙට කරකෝ කරකෝ බලන්න ගත්තා..

"කරකවන්න එපා මෝඩියේ..ඔලුව රිදෙනවා මගේ..මේවා ඇදන් ඉන්න බෑ මට...."

කෙල්ල කිව්වේ මූණත් තලපයක් වගේ අකුළගෙන..

"හොද වැඩේ උබට..ඔම්මා.."

"හිනාවෙයන් හුචක්කුව..උබ නන් මහ කරුමයක් ඕයි.."

"ඇපූ උබේ මූණ..ඔහොම මූණ එල්ලන් ඉන්නෙපා ගොනෝ මේ වගේ දවසක..හිනාවෙයන් පොඩ්ඩක්.."

හිනාවෙලා හිනාවෙලා අන්තිමට දෙන්නම හති අරින්න ගනිද්දි ජීයුන්ගේ මූණ පිරුණේ අහේතුක බයකින්..

"හේසුයා මට බයයි.."

කෙල්ල කටත් උල් කරන් කියනකොට කෙල්ලගේ අතෙන් අල්ලගත්තු හේසු..

"කවුරු නැතත් ඔප්පා ඉන්නවා..ඔයාගේ..බය වෙන්න එපා.."

හෙමීට ඔලුව වනපු කෙල්ල හේසුව බදාගනිද්දි හේසු ආපිට කෙල්ලව බදාගත්තේ දුකත් සතුටත් මිශ්‍ර වෙච්ච කියාගන්න බැරි හැගීම් ගොන්නකින්..

"මට උබව මතක්වෙයි.."

"යකෝ.තමුසේ වාශ්ප වෙන්නෑ..පැණි හදේ ගිහින් එනවා එච්චරයි..සරලයි.අනික මේ සති දෙකයි මාව නොදැක ඉන්නේ..මොකද මන් මැරෙනවෑ..නහයෙන් අඩන්න නැතුව හිටපන්.."

"කුමාවෝ..මට මෙච්චර කාලයක් හොදම යාලුවා වුණාට...කුමාවෝ..උබේ අයිතිය මට භාරදුන්නට.."

"ඒ මගේ ඔප්පා ජීයුන්.මගේ දෙවනි තාත්තා..මාව මෙච්චර පරිස්සම් කළානන්..මටත් වඩා හොදට එයා උබව බලාගනී..එයා උබට ආදරේ කළේ අද ඊයෙක නෙවෙයි බන්..ඒ ආදරේ මෙච්චර කාලයක් වෙනස් නොවී තිබ්බනන්..ඉදිරියටත් එක අ‍ංශු මාත්‍රයක්වත් වෙනස් වෙන එකක් නෑ.."

කෙල්ල කිව්වේ විශ්වාසෙන්..අන් කවරදාටත් වඩා..මොකද තමන්ගේ අයියා ගැන නංගිට වඩා දන්න කෙනෙක් මේ ලෝකේ නෑ

"මට ඒ තරම් ආදරේ කරන්න බැරිවෙන්නැති හේසු..මියානේ.."

"ජීයුනා..වුණ දේ වුණා.අලුතින් පටන්ගත්තා උබ.දැන් ඒ දේවල් වැඩක් නෑ අරස්සෝ.."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now