✿𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞✿

1.6K 258 197
                                    

Flower Of Evil..

නපුරගේ මල නැත්තම් දුශ්ටයගේ මල..🥀

කතාව ගැන කිව්වොත්..

මේක හුග කාලෙක ඉදම් මගේ හිතේ වැඩකරපු ප්ලොට් එකක්..මේක මගේ ආසම කතාවක් පෞද්ගලිකව..මගේ ජීවිතේට හුගක් සමීඔඅයි වගේම තව ගොඩක් හේතු නිසා..

මුල ඉදන්ම කිව්වොත් මේ කතාව වෙනුවෙන් කාපු කට්ට දන්නේ මම විතරයි..කතාවට ගැලපෙන ටයිට්ල් එක..ආවට ගියාට කතාවකට නම් දාන්න බෑ..කන්සෙප්ට් එකට අදාළ වෙන්න ඕන..ඒ වගේම Female Characters ලගේ නම්.. Google වල හෙව්වට සෙට් වුණේ නෑ ඒ එකක්වත්..අන්තිමට වට්පෑඩ්වල තිබුණු korean name books පහක් විතර බලල තමා හොද නම් ටිකක් තෝරගත්තේ..🙂👍

අන්තිම වෙනකන්ම කතාව ලියන්න ආසාව තිබුණු එකම ලොකු දෙයක්..මොකද කම්මැලිකමේ කතාව ලියන්න බෑ නේ..Ongoing කතාව තිබ්බ නිසාම..ඩේලි අප්ඩේට්ස් දීගන්න බැරිකම..ලොකුම ප්‍රශ්නේ..මම මේක පටන්ගත්තේ පුලුවන් ඉක්මනට ඉවරකරන්න..සමහර දවස්වලට ලියන්න මූඩ් එකක් නෑ..ආතල් එකේ ලියන්න පුලුවන් කතාවක් නෙවෙයි මේක..මුල ඉදන් අග වෙනකන්ම හිතල කතාව පටන්ගත්තත් කතාව අතරමැදදි සමහර සිද්ධි ගලපද්දි ගොඩක් අමාරුවුණා..අවුල් වුණ වෙලාවල් තිබුණා..හිතපු විදියටම ආවේ නැට්ජි වෙලාවල් ඕනිතරම් තිබුණා..ඉස්කෝලේ වැඩ ක්ලාස්වල වැඩවල හිරවෙද්දි කතාව ලියන්න ලැබෙන්නේ රෑට..ඒත් මහන්සි නිදිමතයි..ඒ නිසාම ගොඩක් අඩුපාඩු මගේ අතින් වුණා..

ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න පහුකරල අවසානයෙදි Flower Of Evil සාර්ථකව අවසන් කරගන්න පුලුවන් වුණා කියල හිතනව..😊

සමහර තැන් අවුල් යන්න ඇති..ෆීල් නොවෙන්නැති..වැරදි වෙන්න ඇති..හිතපු විදියට සිද්ධ නොවෙන්න ඇති..ඔයාලට අවුක් හිතුනු වෙලාවල් ඇති..මහ ගොඩක්..සමාවෙන්න..

ඒත් පටන්ගත්ත දවසේ ඉදන්ම එකක් නෑර කතාව කියවපු, වෝට් කරපු කමෙන්ට් කරපු,ලස්සන ප්‍රතිචාර දක්වපු ගොඩ දෙනෙක් හිටියා..අවුල් යද්දි මෝටිවේට් කරපු..මාව ශක්තිමත් කරපු අය හිටියා..බොහොමත්ම ස්තූතියි ඒ හැමදේටම..වචනෙන් කියාගන්න බැරි තරම් හයියක් වුණා මට ඔයාල..☺️❤️

සමහර විට වෝට් කරපුවට තෑන්ක්ස් කරන එක මග ඇරෙන්නැති..ෆලෝව් කරපු අයට ස්තූති කරන්න බැරිවෙන්නැති..මන් හිතාමතා මග අරිනව නෙවෙයි..මම ඔයාලගේ පුංචි කමෙන්ට් එක පවා කියෝනව..ඒත් සමහරවිට මග ඇරෙන්න ඇති..හිත රිදුනනන්ම් සමාවෙන්න..බොහොම ස්තූතියි.ඒ හැමදේටම..❤️🥀

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now