දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
මම ගෙදර එනකොට ඇල්බා
මගෙ ගේ ඉස්සරහා හිටගෙන කාටද cl කරනවා...
මම දැක්කෙ නෑ වගේ ගණන් නොගෙන ගේ ඇතුලට යන්න හැදුවත්
අඩු අඩුවකට අහු උනා වගේ
ඇල්බාගෙ අතට මගෙ අත හිර උනා...
ඒ මූණ කේන්තියෙන් දිලිසෙනවා...ඒ ගැන හිත හිත ඉන්න මට ඕන උනේ නෑ...
ඒ වෙලාවෙදි මම හිතුවෙ
මගෙ හිතට දැනෙන හැගීම් ගැන විතරයි...
මට මගෙ හිතේ තියෙන දුක ඇල්බාට පෙන්නන්න ඕන උනේ නෑ...
මම මගෙ දුක කේන්තියකට හරවගෙන
එයාගෙ අතින් මගෙ අත ගලවගන්න දැගලුවා...
ඒකෙන් උනේ ඒ අත තව තවත් තද උන එක විතරයි...
රිදෙනවා...
ඇතුලෙ අස්ථි බිදෙන්න කිට්ටුයි වගේ ඒ තරමටම රිදෙනවා...
තියෙන මුරණ්ඩු කමට ඒ ඇස් දෙක දිහා බලාගෙන ඔරෝගෙනම හිටියා...කෑවද??
එයා කේන්‍තියෙන්ම ඇහුවා...
මෙච්චර වෙලා ඉදලාත් එයා ඇහුවෙ මම කෑවද කියලා...
ඒ ඇහුවෙ මට තියෙන ආදරේට උනත්...
ඒ අහපු දේට මට තවත් මල පැන්නා...
දැන් හවස පහටත් කිට්ටු ඇති...
කෑවද කියලා අහන්නෙ මොන වේලටද??
උදේටද ??
දවල්ටද ??
මට අහන්න හිතුනත් ඇහුවෙ නෑ,
මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දිදී ඉන්න උවමනාවක් තිබුනෙත් නෑ...
මට ඕන උනේ මෙතනින් මිදිලා ගිහින් තනියම ඉන්න...මම ඇහුවෙ කෑවද කියලා...""
ඒ පාරනම් ඇල්බාගෙ මූණ වෙව්ලනවා...
මූ මගෙත් එක්ක කේන්ති අරන් ඉන්නෙ මොන රිම්පිඩියකටද???
මම මොකද්ද කරපු වැරැද්ද???
අද වෙනකම් කාපු හැම වේලක්ම
අපි කෑවෙ එකටමයි කියලා මුට අමතක වෙලාද නැත්නම් මට අමතක් වෙලාද???
මම ගේ ඇතුලට යන්න හැදුවට යන්න දෙන්නෙම නෑ...ඇයි හදිස්සියෙම දොරවල් ජනෙල් ඇරලා දාලා ගිහින්,
අරූ එක්ක බදාගෙන ඉදලා ආවෙ කන්නෙවත් නැතුවද??ඒ වචන ටිකනම් මට පිහියක් පපුවට බස්සලා හදවත එලියට ගන්නවා වගේ දැනුනා...
මම රෝසා එක්ක හිටියා කියලා ඇල්බා දන්නෙ කොහොමද??
ඒකටද මෙච්චර කේන්ති අරන් ඉන්නෙ??
මට තවත් මගෙ වේදනාව හංගගෙන ඉන්න බැරි උනා...
මගෙ ඇස් වලින් වැස්සක් වහිනවා වගේ ඉවරයක් නැතුව කදුළු එද්දි
ඇල්බා මගෙ අතකින් අල්ලන් ඉදිද්දිම
මම බිම ඉදගෙන හයියෙන් කෑ ගහලා ඇඩුවා...
ඉකි පිට ඉකි ගගහා ඇඩුවා...