Part 23 👨‍❤️‍👨

627 135 74
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
බල් බල් ගගා ඇල්බා මට බනිනවා...
කේක් කෑලි මගෙ ඇග පුරාම...
තා පොඩ්ඩෙන් කේක් කෑල්ල
ඇල්බාගෙ මොලේට යනකම් යනෝ...
අයිසින් දාලා තිබුන මගෙ මූණට ඇල්බාගෙ කටින් විසි උන කේක් කෑලි නිසා තවත් ලස්සනට ඇති...

අයිසින් බබෙක් වගේ නෑවිලා කේක් කෑලි විසි වෙලා තිබුන මගෙ මූණයි...
කේක් ඉස්මොල්ලෙ ගිහින් හිරවෙලා කදුළු පෙරෙන ඇල්බාගෙ මූණයි
Photos වලට හරි ලස්සනට අහුවෙලා ඇති...
අද දවසනම් අමතක නොවන දවසක් වේවී...

කේක් කාලා කේක් නාලා ඉවර වෙලා කට්ටියම ගෝල්ෆේස් යන්න ලෑස්ති උනා...
කට්ටියම කිවුවාට ලොකුවයී මායි ඇල්බායී විතරයි...
අනිත් අයියාට පන්තියක් නිසා එයාවත් එක්කගෙන බාප්පලා තව ටිකකින් ගෙදර යයී...
ලොකුවානම් ටික දවසකට අපේ ගෙදර නවතිනවා..

අපි රෝසාටත් එන්න කියමුකෝ...
පව් තනියම ඇත්තේ....""

මට රොසාව මතක් උන නිසා මම ඇල්බාට කිවුවා...

එයිද දන් නෑ මැණික...
කමක් නෑ අපි කතා කරලා බලමුකො...""

ඇල්බායි මායි පඩිපෙළ මැද පඩියක වාඩි වෙලා හිටියෙ...
ඇල්බා රෝසාට කතා කරලා කිවුවා
අපිත් එක්ක යන්න එන්න කියලා...

ආහ් ඉලන්දාරි දෙන්නා...
මොකෝ කල්පනාව...""

අද දවසේ වීරයා උනේ අපේ බාප්පා...
එයා පුංචිත් එක්ක එකතුවෙලා
හෙන ගේමක් ගහලා තිබුනා
අපෙ අම්මාවයි තාත්තාවයි
මේ සම්බන්දෙට කැමති කරව ගන්න...
මම නැගිටලා ගිහින් බාප්පාව බදාගත්තා...
ඇත්තටම අද මට බාප්පයි පුංචී ගැන තිබුන ආදරේ තවත් වැඩි උනා...

දරුවෙක්ගෙ හැගීම් තේරුම් ගන්න දෙමව්පියන්ට පුලුවන්...
උණහපුළු පැටියා උගෙ අම්මාට මැණිකක් කියනවානෙ...
මගෙ අම්මාටයි තාත්තාටයිත් මාව මැණිකක් තමයී...

තමන්ගෙ ලොකු පුතා හොයන්නෙත් සමරිසි ආදරයක් කියලා දැන දැනත් බාප්පා ඒකට නිදහස දීලා තිබුනා...
අයියලා දෙන්නා ගියෙත්
ඇල්බායි මායි යන ඉස්කෝලෙටමයි...
අපි දෙන්නාගෙ සම්බන්දෙ ගැන අයියලා දෙන්නා දැනගෙන හිටියා...
අයියලා තමයි බාප්පාට කියලා තියෙන්නේ අපි දෙන්නා ගැන...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now