38.. ඇත්ත ඇතිසැටියෙන්.. 📚

1.6K 421 150
                                    

🛵 GUIDE 🛵 ......

සිචෙන් කාරයෙන් බසින්නේ නැතිවම මව දෙස බැලුවේ ඇය තතිගැන්මෙන් සිටින බව දුටුව නිසාය... ලීනා වාහනයෙන් බැස ගේට්ටුව අසලට එනවිට ඇයට ඇමතුමක් ආවේය ... ඇය එයහා සම්බන්ධ වී සිටි නිසාම යුන්හී සිචෙන් දෙස බලා ඇස්වලින් මේ ලීනා යැයි කීවේය ...

" ගෙට එක්ක යන්න..."

සිචෙන් වචන පිට නොවන අයුරින් පැවසුවේය ... නමුත් සිචෙන් තවමත් වාහනයෙන් බැස්සේ නැත ... ඔහු වාහනයෙන් බැස්ස හොත් පොඩ්ඩා අනිවාර්යෙන්ම කෑගසාගෙන එතනට දුවගෙන එන බව සිචෙන් හොදින්ම දනී...පොකුණ ඇති ස්ථානයට ගේට්ටුව කෙලින්ම පෙනෙන්නේ නැති එක හිතට සහනයක් විය ...

" ඉතින් කොහොමද මිස් යුන්හී ..."

" වරදක් නෑ එන්න ඇතුලට ..."

යුන්හී ඉක්මනින් ලීනාව නිවස තුලට කැටුව ගියේය ... ඒත් සමඟම සිචෙන් ශාන් හට කෙටි පණිවිඩයක් තබා යීබෝ සිටින පොකුණ අසලට ගියේය ..

මල්ලි ලීනා ආවා .. පොඩ්ඩව දැක්කෙ නෑ... මම දැන් එයාව ටිකක් එළියට අරගෙන යනවා... ලීනා ගේ ඇතුලෙ ......

",ලොකු අයියා ඇවිල්ලා ....."

යීබෝ වටපිටාවේ සිටින මිතුරන් කිහිප දෙනෙකු සමඟ පොකුණ අසල කාර්යබහුල වී සිටියේය ....

" පොඩ්ඩො.. යමුකො පොඩි ගමනක් ගිහිල්ලා එන්න... ඇවිත් ඉතුරු ටික කරමු ..."

යීබෝ මූණ ත් නරක් කරගෙන සිචෙන් දෙස බැලුවේය ...

" මේක ඉවර නෑනේ අයියෝ...."

" හරි හරි පැය භාගේ ගමන ටක් ගාලා එමු..."

යීබෝ මිතුරන්ට සමුදී කිලිටි වී ගිය ඇඳුම පිටින්ම සිචෙන්ගේ වාහනයට නැග්ගේය ...

" කවුරු හරි ගෙදරට ඇවිල්ල නේද ..."

නිවස ඉදිරියේ ඇති වාහනය දුටු යීබෝ ... වාහනයට ගොඩ වෙන අතර ඇසුවේය ..

" මමා අඳුරන ගෑණු කෙනෙක් ඇවිල්ලා ..."

ඉක්මනින් වාහනය පණ ගන්වා ගෙන යන අතර සිචෙන් පැවසුවේය ..

***********

සිචෙන් ගේ කෙටි පණිවිඩය දුටු සැනින් ශාන්ට විශාල කේන්තියක් ඇති විය ... ලීනාට කුමක් හෝ ඉව වැටී ඇති බව නම් ශාන් තේරුම් ගත්තේය ... ඔහු ඉක්මනින් මිස්ටර් වන්ග් ගේ කැබින් එකට ගියේය ...

🛵🛵  GUIDE  🛵🛵  ( zhanyi ff...... Complete )Where stories live. Discover now