දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.සවිනාශ් උදේශිත (ආදර ලොකූ )
නෝටී's pov... 🤗
අපි හතර දෙනාම නැවතිලා ඉන්න තැනට ආවෙ
ආපහු කොහෙවත් ඇවිදින්න mood එකක් නොතිබුන නිසයී...
රෝසාට මේ වෙලාවෙ ටිකක් නිදහසේ ඉන්න දෙන එක තමයි හොදම දේ
කියලා ලොකූ තීරණය කරපු නිසා
අපි ආපහු නවාතැනටම ආවා...මමනම් ආපු වෙලේ ඉදන්ම කලේ
ඇල්බාගෙ මූණ දිහා බලාගෙන කෙදිරි ගාපු එක...
සෙනග ගොඩේ තෙරපි තෙරපි ඉදලා කකුල් දෙකත් රිදෙනවා...
කොන්දත් රිදෙනවා...
ඔළුවත් රිදෙනවා...
මුලු ඇගම රිදෙනවා...මගෙ පැටියාගෙ කකුල් දෙක රිදෙනවාද???
ඇල්බා මම ඇදන් හිටපු ඩෙනිම් කලිසම
කකුල් දෙකෙන් පන්නන ගමන් ඇහුවා...හ්ම්හ්හ්....""
මම ඒ වචනෙ කියාගත්තෙත්
හරිම අමාරුවෙන්...
මම කෙදිරි ගගාම මගෙ ළග පාත් වෙලා හිටපු ඇල්බාගෙ උරිස්ස උඩින් කකුල් දෙක තියාගත්තා...මගෙ මැණිකට අමාරුයිද??
බබාට නින්ද යනකම් මසාජ් කරන්නද එහෙනම්??මම කෙදිරි ගගා ඇඹරි ඇඹරි
ඇල්බා දිහාවට අත් දෙක දික් කරගෙන ඉදපු නිසා ඇල්බා මාව උස්සලා අරන් වඩාගත්තා...ම්හ් ම්හ් ම්හ්හ්හ්හ්.... ම්හුහ්...""
වඩාගෙන හරියන් නෑ
මට හොදටම නිදිමතයී...
නින්ද යනකම් ඔළුව අත ගාන්නත් ඕන...