දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
ආයිශ්....
හීනෙන් මගෙ නහය කන්නෙ මොකාද??
මම දෙපාරක් තුම් පාරක් ඔළුව දෙපැත්තට වනලා
ආපහු හරි බරි ගැහිලා නිදාගත්තා...ඒත් නෑ...
ඒ පාර තෙතට තෙතේ මොනවද ගෑවෙනවා...
මම ඇස් හීනි කරලා අමාරුවෙන්
ඇරලා බැලුවෙ
මගෙ නහට උණුසුම් තෙතක් වගේ දෙයක් දැනුන නිසායී...
වෙන මොනවා වෙන්නද??
ඔය ඉන්නෙ මගෙ නහය කටේ ඔබාගෙන...මගෙ නහය සම්පූර්ණයෙන්ම
ඇල්බාගෙ කට ඇතුලෙ දාගෙන දිවෙන් කෙළ නාවනවා...
නහය පුරාම කෙළ...
මම ඇහැරිලා කියලා දැකපු ගමන්
ඇල්බා කර කර හිටපු වැඩේ නවත්තලා
මගෙ නළලට උම්මා එකක් දුන්නා...Good Morning මගෙ මැණික...
අපි හිමීට ලෑස්ති වෙමු නේද??ඒ වචන ටික ඇහුවාමමනම් පපුවත් එක්ක හිරි වැටිලා ගියා...
නොයා ඉන්නද කල්පනාව...""
අපි අපිව හොයාගෙන යන මේ ගමන නොගිහින් ඉන්න පිස්සු හැදෙයී...
මේක මගෙ හීනයක්...
ඇල්බා එක්ක තනියම
නිදහසේ ඉන්නයි මට ඕන...වෙනදා වගේම ඇල්බා මාව අන්දවලා
ඔළුව පීරුවා...
ඊයෙ රෑ මම නිදාගත්තාට
එයානම් නිදාගෙන නෑ වගේ...අපි ලෑස්ති වෙලා පහලට යනකොට
ඊයෙ ඇල්බා උස්සන් ආපු හිස් බෑග් දෙකම අපේ දෙන්නාගෙ අත්‍යාවශ්‍ය බඩු වලින් පුරවලා තිබුනා...
ඊයෙ රෑ ඇල්බා නිදාගන්න ඇත්තෙ
ඔය වැඩ ඔක්කොම ඉවර කරලා වෙන්න ඇති...අපිව airport එකට ගිහින් ඇරලවන්න
රෝසාත් ඇවිත් තිබුනා...
උගෙ ඇස් වල කදුළු...
ඌ එහෙම ඉන්නවා දකින කොට මටත් දුකයී...ඇල්බාගෙයි මගෙයි ජීවිතේට අලුත් පිටුවක් පෙරලන්න හිතාගෙන
අපි හැමෝම බණ්ඩාරනායක ජාත්‍යන්තරය ගුවන්තොටුපළ බලා පිටත් උනා...✈**********
මට මේ දැනෙන හැගීම විස්තර කරගන්න බෑ...
අම්මලා තාත්තලා ලොකූලා
රෝසලා දාලා යනවට දුකයී
අඩන්නත් ඕනෙ...
ආදරේ කරන මනුස්සයත් එක්ක යන සතුටට හිනා වෙන්නත් ඕනේ...