Everything Sucks,Just kidding

141 42 13
                                    

Hii Guys..,

Welcome back to my C H A N N E L,

ඔන්න මන් අදත් සුපුරුදු පරිදි ' Watty Funny ' වැඩසටහනත් අරගෙන ඔයාලව බලන්න ආවා. නිකන් නෙවෙයි,ඔයාලා ආසම ඕතර් කෙනෙකුත් එක්කයි අපි ආවේ 💕☺️ . ඒ තමයි අපේ lazy-kitty ඕතර් නිම් 🙈

ඉතීම් සුපුරුදු විදියට අපි දෙන ප්‍රශ්න විස්සට අපේ මේ ශෝයි ඕතර්ගෙ උත්තර මොනාද කියලා අපි බලමු නේද?

Let's go guys...

1) ඔයාට බැට්මෑන් හරි රොබින් හුඩ් හරි වෙන්න වරමක් දුන්නොත් ඔයා තෝර ගන්නේ කාවද?ඒ ඇයි?

රොබින් හුඩ්...😎ෂවර්හුඩ් කැලේ රොබින්...මම ආසම කාටුන් එකට...ඒකෙ ජෝන්ට ආතල් දෙන විදිය පට්ට...මම හරිම ආසයි ඒකෙ රොබින් ඊතල වලින් විලදා එල්ලිලා යන විදියට...🤗කැලෑවක ගහක රොබින් වගේ මුදුනටම නගින්න මම පට්ට ආසයි...🌳

එහෙම වෙන්න හේතුව නම් රොබින් ආතල් එකේ නිදහසේ ඉන්න කෙනෙක් නෙ...ඒක නිසා...😜මම ආසයි මාව පාලනය කරන්න කෙනෙක් නැතුව එහෙම ආතල් එකේ ඉන්න...😌අනික රොබින් සීන් එකේ ගෙදර ජම්බු ගහට නගිනවා මම...🤣🤣අතු බෙදිලා තියෙනව නියමෙට...මුදුනටම යන්න පුලුවන්...අම්ම පහල අතු ටික කැපුවා ඒ පාර නගින්න විදියක් නෑ...මටමයි වෙන්නෙ😐

2) ඔයා වැඩියෙන්ම ආස කරන සංගීත කණ්ඩායම හෝ කලාකරුවා කවුද?එකට හේතුව?

BTS...🤗🤗කැමති හේතුව නම් ආතල් එකක් නෙවෙයි...ඒක කිව්වට කමක් නෑ...ඒත් ආතල් නෑ...කමක් නෑ කියන්නම් කො...මම ඉන්නෙ girls school එකක...ඉතින් මට කෙල්ලෙකුට හිත ගියා...මට පට්ට බයක් හිතුනෙ...කරන්න දෙයක් හිතාගන්න බැරි උනා...කොහොම හරි BTS  නිසා මම මාව තේරුම් ගත්ත..මම bi ...😌ඉතින් මට ඒ ගැන හංගන්න ලැජ්ජ වෙන්න හේතුවක් නෑ...දැන් නම් crush  එක tik tok වල ඉන්න ලස්සන කොල්ලෙක්...හුවෑ...ලබාගන්න බෑ...මටමයි වෙන්න...😞😞

මගෙ එයාලගෙ ආසම පොටෝ තමයි අර මොන්ගල් ලුක් එකෙන් ඉන්න ඒව...පට්ට ආතල්...හිනාවෙන්න ඕන නම් BTS...😜😜

3) ඔයාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත අත්දැකීම කුමක්ද?

අහම්...සීයට heart attack ආපු දවස...අමාරු වෙලා හොස්පිටල් නවත්තල හොද වෙලා ගෙදර එක්ක ආවා...වෙසක් පෝය දවසෙ එක්ක ආවෙ...ඉතින් නෑදෑයො ටික ඔක්කොම අපේ ගෙදර ආවා...මම අක්කල එක්ක සින්දු දාගෙන නටන ගමන් ආතල් එකේ හිටියෙ...මෙන්න එකපාරටම මල්ලි ඇවිත් සීයා වැටුනා එන්න කියල කෑ ගැහුවා...සීයට ආපහු heart attack ඇවිත්...හැමෝම ෂොක් උනා ඒ වෙලාවෙ...ගෙදර පාටියක් වගේ...පිරිමි කට්ටිය බීල හිටියෙ...හොද වෙලාවට  බාප්පටයි මාමාටයි සිහිය තිබුනා...වාසනාවකට සීයා බේරුනා....

WATTY FUNNY....Opowieści tętniące życiem. Odkryj je teraz