Chimthri

126 32 17
                                    

Hii Guys..,

Welcome back to my C H A N N E L,

ඔන්න මන් අදත් සුපුරුදු පරිදි ' Watty Funny ' වැඩසටහනත් අරගෙන ඔයාලව බලන්න ආවා. 😊අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ ගොඩක් ප්‍රසිද්ධ ඕතර් කෙනෙක්. ඒ තමයි Chimthri අක්කි.❤️

ඉතින් මේ සුපුරුදු ප්‍රශ්ණ විස්සට අපේ චිම් ඕතර්නිම්ගෙ උත්තර කොයිවගේ වේවිද කියලා බලමු නේද?😌

Let's go...


1) ඔයාට බැට්මෑන් හරි රොබින් හුඩ් හරි වෙන්න වරමක් දුන්නොත් ඔයා තෝර ගන්නේ කාවද?ඒ ඇයි

  රොබින් හුඩ්.. 😌
ඇත්තටම මන් රොබින් හුඩ්ව තෝර ගන්නව මොකද එයා බැට්මෑන් වගේ අන්ඩර් වෙයා උඩින් අදින්නෙ නැති නිසා 😂

2) ඔයා වැඩියෙන්ම ආස කරන සංගීත කණ්ඩායම හෝ කලාකරුවා කවුද?එකට හේතුව?

Bts ❤️
මට අමාරු කාලවලදි ඒ අය හම්බුණු නිසා වගේම සින්දුවල තේරුම් පවා මට ගොඩාක් දුරට හිතට වදිනවා. ඒ වගේම අදටත් මට ගෙවන්න අමාරු දුෂ්කර දවස් වලදි ඒ අය නොදැනුවත්වම හෝ මට හයියක් වෙන නිසා...❤️❤️

3) ඔයාගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත අත්දැකීම කුමක්ද?

කම්පන සහගත සිද්දි නම් කීපයක්  තියෙනවා.. එකක් විතරක් කියන්නම්.. ඒ  මගේම නැන්දා මගෙ ඉස්සරහම එයාගෙ අවසාන හුස්ම හෙලපු එක.. ඒක වේදනාවක් වගේම මට ලොකු කම්පනයක් උනා.. අදටත් ඒ මතකෙ ඒ විදිහටම මාව කම්පනය කරනවා කියල කිව්වොත් හරි💔

4) ඔයා නිවාඩුවක් ගත කරන්න යනවනම්,ඔයා අනිවාරෙන්ම රැගෙන යන්නේ මොනවද?

අරගෙන යන්න නම් ගොඩාක් දේවල් තියේ..😜 ෆෝන් එකයි චාජරේ නම් අනිවාර්යයෙන් අරන් යයි..  (මේ වෙලාවෙ මතක් වෙන එකම දේ ඕක..😐)

5) මම දැන් ඇවිල්ලා ඔයාගේ ගෙදර ශිතකරණේ ඇරලා බැලුවොත් ,මට වැඩියෙන්ම දකින්න හම්බෙන්නේ මොනවද?

ඇත්තටම ඇරල බැලුවට වැඩක් නැ..😐 එලවලු වගේ දෙවල් නම් තියේවි.. අනිත් ඔක්කොම මගේ බඩේ නිසා ෆ්‍රිජ් වල මොනාත් ඉතුරු වෙන්නැ :-)😏😂

You've reached the end of published parts.

⏰ Last updated: Dec 27, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

WATTY FUNNY....Where stories live. Discover now