පෙරවදන්...

1.3K 123 111
                                    

හිම කුණාටු....

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
අග්නි දළු රුදුරුව දියකළේ වී නම් තුහින හිම..
ඉදින් හිමකුණාටු ආ කළ නොකරන් සාප සිසිරයට..
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

ශීතල හිම තුහින අන්ධකාර ආකාශයෙන් නොනැවතී ඇදහැලෙමින් තිබුණේ, නන්හන් අධිරාජ්‍යයේ අගනුවර ශ්වේත පැහැයෙන් වර්ණ ගන්වමිණි.. ඒ වූ කලී නන්හන් අධිරාජ්‍යයට එදාමෙදා තුර උදාවූ දරුණුතම සිසිර ඍතුවක, දැඩි ව්‍යවසනයන්ගෙන් සපිරි මුල් භාගය විය.. ඇටමිදුළු පවා ගල් ගැසෙන ශීතලත්, ඒ හා නැගුනු අධික කුසගින්නත් දරාගත නොහැකිව දුගී දුප්පතුන් බොහෝ සේ මං මාවත් මාධ්‍යයේ මිය ඇදෙද්දී, යමක් කමක් තිබි අයවළුන්ගේ ජීවිතය ලීයෙන් තැනූ කුඩා නිවාසයන්හි, දර පෝරණු අභියසට සීමා වී තිබිණි. ආහාර පාන හිගවූ කුඩා පැල්පත් තුලින් නැගුනාවූ බිලිදු අදෝනාවන් අදුරු රාත්‍රීන් පුරාවට නන්හන් අධිරාජ්‍යයේ ගිගුම් දුන්නද, කිසිවෙකුගේ අනුකම්පා මුසු බැල්මක්, මේ රුදුරු හිම කුණාටු අතරින් ඔවුන් සොයා ඉගිළුණේ නම් නෙවෙයි.. ඒ සැබවින්ම ආත්මාර්ථය නම් සිහිල් හිම කැට මනුශ්‍යත්වය නම් උණුසම් ගිණි දළුව නිවා දැමූ අන්ධකාර කාල පරිච්ඡේදයක් විය..

"ස්වාමීනී.."

නන්හන් අගනුවර මධ්‍යයේ සුවපහසු මන්දිරයක හිද, සපුරා ආකාශයේම හිම තුහින සැරිසරන යුරු බලා උන් මැදිවියේ පිරිමියෙකු අභියස එක් බාලකයෙක් තම හිස නවා ආචාර කලේය.. මනස්කාන්ත ලී කැටයමින් හැඩකල දාරුමය සැදැල්ලේ දල්වා තිබූනු නෙළුම් මල් සුගන්ධය හැමූ පහන් කූඩුවේ ආලෝකයෙන්, ඒ මිනිසුන් දෙදෙනාගේ මුවෙහි තිබූ මන්දස්මිතය ඕනෑම අයෙකුට දැකිය හැකි තරම් පැහැදිලි මෙන්ම ප්‍රභාමත් විණි.. ඉදින් කෙතරම් දරුණු හිම කුණාටු එකී රාත්‍රියේ හමා ආවද, තවත් දුගී මනුශයින් කිහිප දෙනෙකුම ශිතලයෙන් ගල් ගැසී එදින තම ජීවිත කතාවන් අවසන් කලද, නන්හන් අධිරාජ්‍යයේ වාම පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ලී බින්ග්වෙන් සිටියේ දරාගත නොහී ප්‍රීතියකින් ඉපිල යමිනි..

"පවසන්න අ'ජියැන්ග්..."

අමාත්‍යවරයා මේ අදුරු රාත්‍රියේ ඔහුගේ ශීතල මැකූ මුද්‍රිකා වයින් කුසලානය මේසය මත තබා සිය සේවකයා වෙතට හැරුනේය...

හිම කුණාටු (On Going)Where stories live. Discover now