දෙවන කොටස

442 79 77
                                    

හිම කුණාටු

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️
අග්නි දළු රුදුරුව දියකළේ වී නම් තුහින හිම..
ඉදින් හිමකුණාටු ආ කළ නොකරන් සාප සිසිරයට..
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

"මා හට නොහැකි වූවාට, මා නොවන මාත් මගේ පියාණන් මංගලෝත්සවයෙන් එලවා දමාවිද??"

ඉදින් ලී සින්ග්චන් මුව කොණකට දගකාර සිනහවක් නංවාන තම හිස දෙපසට සැළුවේය... හහ්... කවුරුන් කෙසේ වලකන්නද එක් මහලු මිනිසෙකුගේ විවාහ උත්වසව සහභාගීත්වය...!!!! කුඩා කොලුවා ජයග්‍රාහීව සිතුවේ වහ වහා තම කුටියේ වූ රජතමය පෙට්ටගම වෙත දුවමිණි..

!!!! කුඩා කොලුවා ජයග්‍රාහීව සිතුවේ වහ වහා තම කුටියේ වූ රජතමය පෙට්ටගම වෙත දුවමිණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ලී සින්ග්චන්)

***********************

ලී බින්ග්වෙන් මන්දිරයේ කුඩා හිම තාරකාව සතුව මේ ලොව අන් කිසිවෙකුටත් නැති බොහෝ වටනා නිධානයක් තිබිණි.. ඒ බාහිරින් සාමාන්‍ය ප්‍රමාණයේ රජතමය පෙට්ටගමක් සේ දිස් වුවද එහි අභ්‍යන්තරයේ ලි සින්ග්චන් ඔහුගේ පුරා ලෝකයම ගබඩා කරගෙන, ඒ තුල නොමැති වූ යම් දෙයක් නන්හන් අධිරාජ්‍යයේ නොවුන තරම් වි යැයි ඔහුගේ තල ඇටයක ප්‍රමාණයක මොලයේ පිහිටෙන් සිතා සිටියේය..

බැලූ බැල්මට බොහෝ අපිලිවෙල වූ පෙට්ටගම පැරණි නටඹුන් සමූහයක් සේ පෙනුනද එහි එක් මුල්ලක් අරක්ගත්, විවිධාකාරයේ පක්ෂීන් සියයකගෙ පමණ වූ සිතුවම් එකතුව ඔහුට සිය සොහොයුරාගෙන් ලැබුන දුර්ලභ ත්‍යාගයක් විණි.. ඈත ආකාෂයේ කුඩා තිත් සේ සරනා පක්ෂීන්, වනෝඋද්‍යානයක් වෙත ගොස් නැරඹීමට වරම් නොලද සින්ග්චන්, පක්ෂියෙකු යනු කුමනාකාරයේ සත්වයෙක්දැයි කියා පවා හදුනාගත්තේ එකී සිත්තම් තුලිනි... එලෙසින්ම නන්හන් අධිරාජ්‍යයේ ලොකු කුඩා දිය ඇලි හා ගංගාවන්ගේ, මැටි අනුරූ සහ චිත්‍රද ඔහු සතුවූනි.. රාජ්‍යයේ දක්ෂතම ලේඛකයන් විසින් ලියැවුණු අති මනරම් කතාන්දර, අපා දෙපා සිව්පා සත්වයන්ගේ සුන්දර ලෝකඩ මූර්තීන්, මෑණියන්ගෙන් ආයාචනාකොට ලබාගත් රන් රිදී ආභරණ, පියාණන්ගේ මුදල් පෙට්ටියෙන් සොරාගත් විවිධ කාසි ඔහු එකින් එක තම නිධන් පෙට්ටගමෙන් එලියට ගත්තේ ඉවසීමෙනි. අවසානයේ මෙතෙක් වේලා සෙවූ අපුරු උපකරණය සොයාගත් සින්ග්චන් ප්‍රිතියෙන් උඩපැන්නේය...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 23 ⏰

Add this story to your Library to get notified about new parts!

හිම කුණාටු (On Going)Where stories live. Discover now