Chapter 10

501 102 43
                                    

" යාහ්.. ජන්කුක්.. මේක කනවා මෝඩයෝ.. "

යූහි දැන් මේ පැය කාලක ඉදන් අයිස් ක්‍රීම් එකක් අතේ තියාගෙන මට කවන්න හදනවා.. මන් අයිස් ක්‍රීම් වලට ආස නෑ.. ඒවා කද්දි...ඊ.... දත්ටික හිරිවැටෙනවා.. කොහෙද ඉතින් මේ කෙල්ලට කිව්වට තේරෙනවද..

" අනේ බෑ යූහි.. දැන් කිව්වනෙ මන්.. "

ශිට්.. ලැජ්ජාවේ බෑ.. අයිස් ක්‍රීම් එකක් කන්න බෑ කිව්වම..

" යාහ්.. ජියෝන් ජන්කුක්.. තමුන් මේක කනවද නැද්ද.. හලනවා මන් දැන් මේක ඔලුවෙ.. "

එක අතක් ඉනට තියාගෙන කටත් උල් කරකර සැරෙන් කෑ ගැහුවත් මෙයා හරි කියුට්.. අල්ලලා මිරිකන්න හිතෙනවා. යාහ්.. හරි සිහියට එනවා ජන්කුක්.. පාලනය කරගන්නවා තමුන්ව..

" යාහ්.  යූහි කෝ දෙනවා ඉතින්.. "

මන් ඒ සීතල අයිස් ක්‍රීම් එක අතට ගත්තෙ යූහිගෙ කෝපි පාට ඇස් හිනාවෙද්දි..මන් අයිස් ක්‍රීම් එක කන්න හදද්දිම යූහි මගෙ අතින් අල්ලලා නතර කලේ මගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්.

" අහන්න ජන්කුක්.. මේක කද්දි හිතන්න එපා  දත් හිරිවැටෙයි කියලා. හිතන්න මුලු ඇගම කූල් කරන රස කෑමක් කියලා.. අන්න එතකොට ඔයාට දත් හිරිවැටෙන එක ගැන හිතන්න වෙලාවක් නෑ. ඒ රස හැම නහරයක් නහරයක් පාසා ගමන් කරද්දි දැනෙන හැගීම විදින්න.. එතකොට සතුටක් දැනේවි.. "

කෝපි පාට ඇස් බෝල කර කර කියද්දි මාත් අහගෙන හිටියා ඒ කියන වචනයක් නෑර. ඔලුව වනලා මන් අයිස් ක්‍රීම් එක කෑවෙ ඒ ඇස් දිහා බලාගෙනම. අයිස් ක්‍රීම් ටික මුලු ඇගම කූල් කරගෙන යද්දි දැනෙන හැගීම මට ඕනවටත් වඩා දැනුනා. අයිස් ක්‍රීම් කියන්නෙත් රස කෑමක්..වෙනදා තරම් මට දත් හිරි වැටෙන එක ගානක් උනේ නැ.. ඒ වැඩිය හිතන්න නොගිය නිසා..

" ඔයාගෙ අම්මයි තාත්තයි කෝ යූහි.."

මේ ලෝකෙ අහන්න තිබ්බ මෝඩම ප්‍රශ්නෙ ඇහුවෙ කියලා තේරෙන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.

" එයාලා නෑ ජන්කුක්.. මාව දාලා ගිහිල්ලා.. මට අවුරුදු දෙකක් වෙද්දි. ඔයා දන්නවද ජන්කුක් මට ඔම්මගෙයි අප්පගෙයි මූණුවත් හරියට මතක නෑ.මන් ඉන්නෙ හැල්මොනි එක්ක. එයා තමයි මගෙ ලෝකෙම ජන්කුක්..ඔම්මා අප්පා නැති මට එයාලගෙ අඩුව තේරෙන්න දුන්නෑ එයා පොඩ්ඩක්වත්.. "

ᕼᗩᑭᑭIᑎESS ❙❙ JJK ✔️Where stories live. Discover now