💐Chapter 4💐

171 66 28
                                    

ඔම්මා කතා කරපු නිසා මම මගේ කාමරෙන් එලියට ගියේ පරක්කු උනොත් අප්පාගෙන් බැනුම් අහන්න වෙන නිසා..

මම කෑම මේසේට යද්දී අප්පා එයාගේ ලැප් එකට ඔලුව ඔබාගෙන වැඩක්..

ම්ම්..එයා බිස්නස් එකේ වැඩක් වෙන්න ඇති..

එහෙම හිතන ගමන් මම මේසේ පුටුව ඇද්දේ පොඩි හරි සද්දයක්වත් ඇහෙන්නේ නැති වෙන්න..

මම පුටුවෙන් වාඩි උන ගමන් අප්පා ලැප් එකෙන් ඇස් එලියට අරන් මන් දිහා බලලා හිනා උනා..මමත් අප්පාට හිනා වෙලා මේසේ උඩ තිබ්බ ප්ලේට් එකකට චොප්ස්ටික් එකකින් තට්ටුවක් දැම්මේ තිබ්බ කම්මැලිකම නිසා..

ඒ එක්කම වගේ ඔම්මා කෑම ප්ලේට්ස් ටිකත් අරන් ටේබල් එකෙන් තිබ්බ නිසා මෙච්චර වෙලා වැඩ කර කර හිටිය අප්පා එයාගේ ලැප් එක ශට් ඩවුන් කරලා පැත්තකින් තිබ්බා..ඊට පස්සේ මන් දිහාවට හැරිලා..

"දැන් මගේ කෙල්ල ලොකුයි නේද??"

අප්පා එහෙම කියලා ඔම්මා දිහාවට හැරුනේ මූනේ තිබ්බ හිනාවත් එක්කමයි..

"මගේ නෙමෙයි අපේ.."

ඔම්මා හිනා වෙන ගමන් මට මගේ කෑම එක බෙදලා දීලා මගේ ඔලුවත් අත ගෑවා..

මමත් ඔම්මාට කෙටි හිනාවකින් සංග්‍රහ කරලා ප්ලේට් එක දිහාවට ඇස් යොමු කලේ මෙයාලගේ මේ හැසීරීම එච්චර මට අල්ලපු නැති නිසා..

කෑම කන්න පිරියක් නැතත් මම කෑම එක කන්න ගත්තේ ඔම්මාගේ හිත රිද්දන්න බැරි නිසා..මොකද අද ඔම්මා හදලා තිබ්බේ මන් කැමතිම කෑම ජාතිය..

කෑම එක කන ගමන් ඔම්මායි අප්පායි මගෙන් එක එක දේවල් ඇහුවත් ඒ හැම එකකටම කෙටි උත්තර දීලා නැවතුනේ මට අර කොලේ බලන්න තිබ්බ හදිස්සිය නිසාමයි..

කැම එක කාලා මම ටේබල් එකෙන් නැගිටින්න හැදුවේ ඒ නිසා..

"ඔම්මා..අප්පා..මම කාලා ඉවරයි..එහෙනම් දෙන්නාටම ගුඩ් නයිට්.."

එහෙම කියලා මම නැගිටින්න හැදුවත් මට එතනම නවතින්න උනේ අප්පා මට කිව්ව දේ නිසා..

"යේරී පොඩ්ඩක් නවතින්න..මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.."

💐𝑴𝒚 𝑮𝒍𝒂𝒅𝒊𝒐𝒖𝒔 𝑭𝒍𝒐𝒘𝒆𝒓 ||𝑷𝑱𝑴|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now