18 කොටස

1.4K 335 78
                                    

ජන්කුක් දිහා මොහොතක් බලාගෙන හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත අල්ලා ගන්නකොට ජන්කුක් ටේහ්‍යුන්ට වාරු වෙලා නැගිට්ටත් ටේහ්‍යුන් පය පැකිලිලා වැටෙන්න ගියෙ ඔහු ශක්තිමත් නැති නිසා.

"පරිස්සමින්"
ටේහ්‍යුන්ගෙ ඉනෙන් අල්ලා ගන්න ගමන් යුන්ගී කොඳුරන කොට ටේහ්‍යුන් ඔලුව වනලා ජන්කුක් වත් වාරු කරගෙන බාත් රූම් එක ඇතුලට ගියා.

"කුකී එන්නකෝ..."
හිමීට කොඳුරපු ටේහ්‍යුන් ජන්කුක් ව බාත් ටබ් එක ඇතුලෙන් තියනකොට ජන්කුක් හිනා වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියෙ උතුරා ගෙන යන ආදරෙන්.

හිමින් හිමින් ජන්කුක් තමන්ගෙ ඇදුම් ගලවලා ටේහ්‍යුන් ඉස්සරහ නිරුවත් වෙනකොට පලවෙනි වතාවට ජන්කුක් ගෙ නිරුවත දැක්ක ටේහ්‍යුන් ඉක්මනට අහක බලා ගත්තා.

"බබා ටැප් එක අරින්නකො..."
ජන්කුක් කියනකොට ටේහ්‍යුන් බිම බලාගෙන ඇවිත් බාත් ටබ් එක වතුර එන ටැප් එක අරිනකොට හදිස්සියේම ජන්කුක් ගෙ ඇග පුරා තියෙන තුවාල කැලැල් ඇහැ ගැටුන ටේහ්‍යුන් ඉකියක් ගිලගෙන ජන්කුක් දිහා බලාගෙන හිටියෙ කදුලු ගලන දෑසින්.

"මැණික අඩන්න එපා මේ බලන්නකො මට රිදෙන්නෑ..."
තමන්ගෙ තුවාල වලට වතුර වැටෙනකොට වේදනාවට තොල හපාගෙන ජන්කුක් ටේහ්‍යුන්ගෙ අත අල්ලගෙන කියනකොට ටේහ්‍යුන්ගෙ ඇඩිල්ල තවත් වැඩි උනා.

"ආදරෙයි නේද මට"
බිමට නැවිලා තියන ටේහ්‍යුන්ගෙ මූණ උස්සලා තමන් දිහාවට හරවා ගන්න ගමන් ජන්කුක් අහනකොට ටේහ්‍යුන් ඇස් වල කදුලු පුරවාගෙන ඔලුව වැනනකොට නොදැනීම ජන්කුක් ගෙ ඇස් දෙකත් තෙත් උනා.

"ගොඩක් ආදරෙයි ද?"
ජන්කුක් ආයෙමත් අහනකොට ටේහ්‍යුන් ඉස්සෙල්ලාටත් වඩා වේගයෙන් ඔලුව වනන ගමන් ජන්කුක් ගෙ අල්ලාගෙන හිටපු අත තව තවත් තදින් අත් වලට ගුලි කර ගත්තා.

"ඊටත් වැඩියෙන් මම ආදරෙයි"
ජන්කුක් කීවේ ටේහ්‍යුන්ගෙ හිස ආදරෙන් අත ගාන ගමන්.


"මැණික සබන් ගාන්න නම් බෑ... මට ඇදුමක් අරගෙන එන්න. ටවල් එකකුත් ගේන්න"
ජන්කුක් කීවේ බාත් ටබ් එක උඩින් තමන්ගෙ ඔලුව තියා ගන්න ගමන්.

ҒᎪᏞᏞᎬΝ ᏢᎬͲᎪᏞ | TK (Mafia AU)✓Where stories live. Discover now