Part 38 👨‍❤‍👨

981 108 63
                                    

නෝටියාවයි ඇල්බාවයි හනිමූන් එකේම නාකි වෙලා හත්තිලව්වෙ... නෝටි අරන් කාලෙකට පස්සෙ ආවා ඉතින්...

මෙච්චර කල් ඇදුන හනිමූං එකක් ඔයැයිලා දැකලා නෑ නේද? නෝටිගෙයි ඇල්බාගෙයි හනිමූන් එක ගිනස් වාර්තාපොතටත් ගිහින්,  මගෙ නම රතු දත්ත පොතටත් ඇතුල් වෙලා... 😁

ශමාවෙන්ඩෝ... ඕං නෝටි ඉවර කරලාම යන්න ආවේ... 😘

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
දාගෙන හිටපු කණ්නාඩි දෙක අත් දෙකකින් වැහුනා...

මමසුවද දිගේ ඉව ඇල්ලුවා...
සුවද...
ඔව්,
ඒ එයා තමයි...
ඒ මගෙ පණ...
මේ නෝටිගෙ අසම්පූර්ණ ජීවිතේ සම්පූර්ණ කරන්න ආපු සුරංගනාවිය...
අහිංසා...

මගේ මතකෙ ඈත අතීතෙට ඇදිල ගියෙ
මිහිරි මතක ගොන්නක් මගෙ ඇස් ඉස්සරහ මැවෙද්දි...

මගෙ ජීවිතේ සතුටින් පුරවපු ආදරණීය පිරිස අතරට අද එකතු උන පුංචි අමුත්තා අද අපේ ගෙදර කිරි සුවදින් පුරවනවා...
මගෙ පුංචි සුරංගනාවි...
අපි හැමෝවම එක තැනකට එකතු කරපු මගෙ පුංචි සුරංගනාවිව බලන්න එයාගෙ ආච්චිලා සීයලා ලංකාවෙ ඉදන් ඇවිත් ඉන්නේ...

එයාට අදට මාස තුනක්...

කුරුළු පිහාටුවක් තරම් සැහැල්ලුවට පෙනුන එයාව,
ටොන් ගානක් බර වස්‍තුවක් අතට ගන්නවා වගේ බයෙන් බයෙන් අත් දෙකට ගනිත්දි දැනුන හැගීම් පපුව දිගේ ලේ නහර හරහා දුවද්දි,
මගෙ ඇස් කදුළු වලින් බර උනා...

මගෙ දුව...
මගෙම දුව...
මගෙ ලේ නොවුනත් මේ ඉන්නෙ මගෙ දුව... එයාගෙ ඇගේ දුවන්නෙ ඇල්බාගෙම ලේ...
ඔව් එයා සැරෝගේට් බබෙක්...
එයා ගාව සුවදයී...
කිරි සුවදයී...

You've reached the end of published parts.

⏰ Last updated: Jul 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now