𖦹Wow Appa really loves Dada𖦹

385 90 79
                                    

||12 years later||

කලු පාට ලෙදර් පෑන්ට් එකයි කලු පාට ටිශර්ට් එකයි ඇදල ඒකට උඩින් කලු පාටින්ම ලෙදර් ජැකට් එකක් දාගෙන හිටිය අවුරුදු දහසයක් වයස කෙල්ල ගේ ඇතුලට දුවගෙන ආවෙ එයාගෙ බෑග් එක සෝෆා එකට විසි කරන ගමන්.

" සෝ??? ගෑනු ළමයෙක් වගේ හැසිරෙන්න" ජිමින් එයාගෙ කණ්නඩි දෙකත් නහයට හිරකරගෙන කෑගහගෙනම ආවෙ කොච්චර කෑ ගැහුවත් මේ කෙල්ලගෙ වෙනසක් නැ කියලා දැන දැනමයි.
" මින්ජු කොහෙද ? එයා මොකද තාම ගෙදර ආවෙ නැත්තේ?"ජිමින් ආයෙ කියවන්න පටන් ගත්තා.

" මිනී....කාම් ඩවුන්......එයා දැන් ලොකුයි එයා පරිස්සමට ගෙදර එයි" ජන්ග්කුක්  පඩිපෙල බහින ගමන් එහෙම කියන් ඇවිත් සෝෆා එකේ වාඩි උන.

" ඔයා හැම දාම ඕකම කියන්න ජන්ග්කුක් .මම විතරයි දන්නෙ මගේ දුක"

" හරි දැන් ඔයාට මින්ජු මේ දැන් ගෙදර ඉන්න ඔනෙ එහෙමද?" ජන්ග්කුක් සෝෆා එකෙන් නැගිටලා දොර දිහාට ඇහිල්ල දික් කර්න ගමන් ජිමින් ලගට ආවා." අර එන්නෙ ඔයාගෙ සුපර් හීරෝ"

" අප්පා මේක අසාදාරනයි. ඩැඩා හැම දාම අහන්නෙ මින්ජු ගැන විතරයි" මින්සෝ මූනත් ඇඹුල් කරගෙන ගිහින් ජන්ග්කුක්ව බදාගත්තා .

" සෝ ඒ ඔයාගෙ ඔප්පා.....ඔයා කවදද හරියට හැදෙන්නෙ ලමයො?" ජිමින් මින්සෝට රවල ගිහින් මින්ජුව ඇතුලට එක්ක ආවා.

" මින්.....මොකද උනේ ඇයි ඔය දෙන්නා පරක්කු උනේ?"

"මේකයි ඩැඩා.....මේ.." මින්ජු කියන්න අදි මදි කරන ගමන් මින්සෝ දිහ බැලුවම මින්සෝ කියන්න එපා කියන්න වගේ ඔලුව වැනුවා.ජන්ග්කුක්  ඒක දැක්කා.එයා දන්නවා මේ දෙන්නා මොකක් හරි අන්ඩපාල වැඩක් කරලා තමයි කියන්න.ඒ වගේම තව ටිකක් වෙලා මෙතනම හිටියොත් මින්ජු ඕක ජිමින්ට කියනවා කියලත් දන්නවා.මොකද මින්ජු ජිමින්ට මොකුත් නොකියා ඉන්නෙ නෑ.

" හියුන්ග්!!!" ජිමින් මින්ජු මොකක  හරි කියනකන් බලන් හිටියත් එක පාරටම ජේමින් පඩිපෙල බැහැගෙන කෑ ගහගෙනම ආවා.

" මම එහෙනම් රූම් එකට යන්නම්" මින්සෝ එහෙම කියලා පඩිපෙල නගින්න හැරෙද්දිම ජිමින් ආයෙ මින්සෝට කතා කලා.

One Question,𝙒𝙃𝙔?(Completed)Where stories live. Discover now