8

144 45 7
                                    

නම අහලා එතනින් හිමිට ආවත් හිතේ ප්‍රශ්නයක් තිබුණා. Hoseok Jung නම් කොහොමද hero Min උනේ... ඔහ්... මොළේට සමනල් ගැටේ වැටෙනව... හිතන්න එපා ටේ... හිතන්න එපා...

හවස් වෙද්දි මම සුපුරුදු පරිදි ගිටාර් එක එක්ක වත්තේ ගහ ළඟට එද්දි Hero මන් පස්සේ ආවා. ටික ටික චුටි ලමයි වැඩිහිටි හැමෝම ආව නිසා මම එයාලා එක්කම සින්දුවක් කියන්න පටන් ගත්තා....
අපි ඔක්කොම සින්දු කියන අතරතුරේ මගේ හිතේ තියෙන අදුර ටික ටික අඩු වෙලා ආලෝකමත් වෙන්න ගන්නවා වගේ දැනුනා...

හිතට ගතට ලොකු සහනයක් දැනේද්දි හදවතින්ම මම මේ මිනිස්සු එක්ක හිනා උනා.

"හරි එහෙනම් අද දවසේ අන්තිම සින්දුව... ඔයාලා දන්නේ නැතුව ඇති ප්‍රසිද්ධ ගායකයෙක් ඉන්නවා Kim SeokJin... එයා ගොඩක් දක්ෂ නව පරපුරේ කඩවසම් කලා කරුවෙක්...එයාගෙ ලස්සන සිංදුවක් ලස්සන කියනවට වඩා අර්ථවත් කිව්වොත් හරි... EPIPHANY... සින්දුව ඇතුලේ අපිට කියන්නේ මම මට ආදරෙ කල යුතුයි කියන එක... එහෙනම් ඒක අපි කියමු... "

Epiphany මටත් ලොකු හයියක් උනා මගේ ජීවිතේ එක එක මොහොතවල් වලට... සින්දුව ඉවර වෙනවාත් එක්ක ගොඩක් අයගේ මූණු වල සතුටක් තිබුණා. මගේ හිතත් එයාලගෙ හිනාව නිසා සතුටින් පිරිලා ගිය. ඔක්කොම ටික ටික ගිය නිසා මම ඇතුලට යන්න හැදුවත් මම දැක්කා ගහ ළඟම තිබුණ අනික් බංකුවේ ඉඳගෙන ඉන්න හොසෝක්ව එයාගෙ පපුවට තුරුලු වෙලා අවුරුදු 4 ක‍ කොල්ලෙක් නිදාගෙන ඉන්නවා... එයා හිටියේ මන් දිහා බලාගෙන කියලා මට ආයෙත් හිතන්න ඕනේ උනේ නැහැ. මමත් එයාලා ලඟින් ඉඳ ගත්තා. ටික වෙලාවක් යනකම් අපි දෙන්නම කරේ අහස දිහා බලාගෙන හිටපු එක...

"සර්..."
අපි අතර තිබුන නිහඩ බව බින්දේ හොසෝක්.

"හ්ම්ම්..."

"අැයි සර් ඇත්තටම මෙහෙ ආවේ..."

"හිත නිදහස් කරගන්න..."

"සර් මෙහෙම අපිට ගොඩක් ලං වෙලා එකපාරට යන්න ගියොත් ගොඩක් දුක හිතෙයි..."
ඒක වේදනාවක් යන්න වෙනවා කියලා දැන දැනම තවත් ලං වෙන එක...

"ඔයාටත් ද? "
මම අහපු දේ නිසා එයා එකපාරට මන් දිහා බැලුවා... මම මගේ හදවතට ඇහුම්කන් දෙන්න තිරණය කරපු නිසා එහෙම දෙයක් ඇහුවේ. මට දැනෙන මේ ආගන්තුක හැගීම ආදරය කියලා මට තේරුනේ මම කවුරුත් වෙනුවෙන් නොකරපු දේවල් හොසෝකා වෙනුවෙන් කරන්න පුළුවන් නිසා. තව එයාගෙ පවුල ගැන එයා ගැන මොකුත් දන්නේ නැති උනත් මගේ හිත හැමතිස්සෙම එයා මගේ අැස් පේන මානයේ තියාගන්න බල කරන නිසා. එයා ලඟදි මගේ හදවත සන්සුන් උනත් ක්‍රියාශීලී නිසා... ආදරේ පලවෙනි වතාවට මාව හොයාගෙන ඇවිත්...

______________________________________

Hosoek කැමතිද ටේ ඉන්න එකට??

Min ගැන මන් හෙට අනිද්දා කියන්නම් 😆

ටේ ව හොයාගෙන ආදරේ ඇවිත් හැබැයි ඒක හැමදාම තියේවිද???

Snow_Flower🖤✨

-OUR INCOMPLETE STORY- || VHOPEWhere stories live. Discover now