18

139 40 14
                                    

වර්තමානය

"ජිමී..."

"ඔව් ටේ..."

"උන් කෝ... මගේ ජීවිතේ විනාශ කරපු උන් කෝ..."
Car එකේ යන ගමන් මම ජිමී දිහා කෙලින් බලලා ඇහුවේ තවත් මගේ ප්‍රශ්න වලින් එයාට පැනලා යන්න බැරි වෙන්න.

"ටේ..."

"ඔයාලා මාව හොයාගත්තෙ කොහොමද?? එතකොට අර ජරා සත්තු ටික... මන් උන් එක එකා ගානේ මරල දානවා..."

"ටේ කලබල වෙන්න එපා... අපි ඔයාව හොයාගත්තෙ... ඔයාගෙ vaccination කාලේ මාස තුනක් විතරයි කියලා ඔයා දන්නවානේ. ඉතින් ඊට පස්සෙත් ඔයා ආව නැති නිසා මම කට්ටිය එක්ක ආවෙ ඔයාව එක්ක යන්න. එතකොට ඔයා හිටියේ ලේ ගොඩක් උඩ  සිහිය නැතුව වැටිලා හිටපු ලස්සන කොල්ලෙක් බදාගෙන... පොලිසියට කතා කරලා පිටට කිසිම දෙයක් නොයන ලෙස වැඩේ ෂේප් කරලා අපි ආවේ hospital එකට. එතැනදී තමයි දැනගත්තේ ඔයා බදාගෙන හිටපු කෙනා.... මැරිලා කියලා...

පස්සේ පොලිසියේ මගේ යාලුවෙක් මාර්ගයෙන් මම ටික විස්තර හොයන්න ගත්තා. එතැනදී මට මතක් උනේ මම ඔහේ කලින් සෙට් කරපු cctv. ඒවායේ ගොඩක් දේවල් record වෙලා තිබ්බ වගේම මම අවශ්‍ය දේ විතරක් පොලිසියට බාර දුන්නා.

ඇත්තටම මට සමාවෙන්න ඔයාට නොකියා cctv සෙට් කරාට. මම ඒක කරේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන්. මම දන්නවා ඔයා එහෙට යද්දී හිටපු තත්වය...ඒකයි මම එහෙම දෙයක් කරේ.. පොලිසිය දවස් දෙක තුනක් ඇතුළත අපි අර නරුම යක්කු ටික හොයාගත්ත. පෙර වැරදී ගොඩක් තියෙන නිසා කොහොමත් උන් ආයේ එළියට එන්නේ නැහැ.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම්.... "

" හ්ම්ම්.... එතකොට කෝ Hero... "

" ආහ්... මන් හිතන්නේ අර බෝයි ඔයාගෙ boyfriend එහෙම නේද? මට කනගාටුයි ටේ... "
ජිමී මාව බදා ගත්තා. ඒත් මගෙන් එකම එක කඳුලක් වත් පිට උනේ නැහැ. මොකද තවත් මට කදුළු නැති නිසා. තවත් මට අඩන්න දුක හිතෙන්න දෙයක් නැති නිසා. මොකද Kim Taehyung මැරුණේ Jung Hoseok එක්කමයි...

" එයාගෙ දරුවා...."

"නැහැ ජිමී ඒ අපේ දරුවා... "
ජිමී ලොකු හුස්මක් පිට කරා. මට දැන් ජීවත් වෙන්න තියෙන ඒකම හේතුව Hero...

"එයා දැනට ඉන්නේ මන් එක්ක... එයා මුල් දවස් වල ගොඩක් ඇඩුවා... හැබැයි මම ඔයාව පෙන්වන්න දවස් ටිකක් එක්ක ආවා ඔයාට සිහිය තිබුණේ නැති නිසා එයා බය උනත් මම ඔයා හොඳින් කියලා එයාට තේරුම් කරා.

අපි එයාව හොයාගත්තෙ හොසෝක්ගෙ පරණ ගෙදර ඉඳලා... එයා හැංගිලා හිටියේ..."

"හ්ම්ම්... "
එදා එහෙනම් හොසෝක් Hero ට කිව්වේ ගිහින් පරිස්සමෙන් හැංගෙන්න කියලා වෙන්න ඇති. මොනවා කියන්නද වචන නැහැ ඔයාව විස්තර කරන්න මැණික...

" මාව Hero ළඟට එක්ක යන්න ජිමී... අපි දෙන්නම යන්න ඕනේ හොසෝක් බලන්න... "

" ටේ... ඔයා බෙහෙත් ටික වෙලාවට බොන්න. Hero බෙහෙත් ගන්නවා කියලා මම මුලින් දැනගෙන හිටියේ නැහැ. එයාට හුස්ම ගන්න අපහසු වෙලා hospital ගිය වෙලාවේ තමයි මම දැනගත්තෙ... ඔයා එයාගෙ භාරකාරයා විදිහට ඔයාට වගකීම් වැඩි... ඉතින් ආයෙත් ලෙඩ වෙලා කොහොමද??? "

" හ්ම්ම්... "

විනාඩි 30 ක් වගේ ඇතුලත අපි ආවේ ජිමීගෙ ගෙදරට. කාර් එකේ සද්දේ ඇහුන ගමන් Hero දුවගෙන ඉස්සරහට ආවා. තාමත් කකුල හරියට පොළොවට තියන්න බැරි නිසා මට clutches පාවිච්චි කරන්න වෙනවා. මාව දැක්ක ගමන් හිනා වේගෙන Hero ඇවිත් මාව බදා ගත්තා. මගේ ඉණ ළඟට උස නැති කොල්ලාගෙ ඔලුව අත ගාලා මම නිදහස් අතින් උස්ස ගත්තා.

"අප්පා... මේ ලස්සන uncle කිව්වා අප්පා ආවම පාපා බලන්න එක් යනවා කියලා... අප්පා එන්න ගොඩක් දවස් ගියානේ මම බය වෙලා හිටියේ... පාපා අපි එක්ක තරහා වෙලාද දන්නෙ නැහැ... කමක් නැහැ කිස් ගොඩක් දීලා යාලු කර ගමු හොදේ..."
හුරතල් කොල්ලා තොල් උල් කර කර කියද්දී මම කොහොමද කියන්නේ ඔයාගෙ අප්පා නිසා ඔයාගෙ පාපා මේ ලෝකෙන් ගියා කියලා. මම hero ගෙ නළල සිප ගෙන මොකුත් නොකියා ගෙදර ඇතුලට ගියේ හවස හොසෝක් බලන්න යන්න හිතාගෙන.

______________________________________

හෙට නෙවෙයි අදින් ඉවර වෙයි... තව එකයි ❤️

Snow_Flower🖤✨

-OUR INCOMPLETE STORY- || VHOPEWhere stories live. Discover now