තවත් රැයවල් දෙක තුනකට පසු රැයක රන්දික අමුතු සිහිනයක් දැක තිබිණි. එහි අභ්‍යන්තරය සම්පූර්ණයෙන් ම ධාරනය නොවුන ද මතක ඇති කොටසින් එය සුන්දර සිහිනයක් නොවන බව ඔහු වටහා ගත්තේ ය. සිහිනය දැකීමෙන් පසු ඇද මත්තේ රෙදි පොඩි කරමින් සිටි ඔහුට ඔහුගේ පෙම් සිහිනයෙන් ඇහැරෙන්නට තවත් දෙ පැයක් පමණ ගතවිණි." සුදු පුතේ, මොනාවැයි ඔය හැටි කල්පනාවේ?... මේන් මේ කුකුල්ලුන්ට *වෙන්කරපු හාල් ඩිංගක් ගෙනැත් දාපන්කෝ " හාල් පොලමින් සිටි ඇගේ වටේ කැරකෙන කුකුල්ලුන්ගේ කන්කෙදිරිය අසා සිටින්නට බැරි තැන ඈ තෙපලා ය.
රන්දිකගේ මව ඇගේ දිවියේ සිව් වන දශකය අගබාගයේ සිටි කාන්තාවකි. සැමියා රැකියාව අතරතුර මළ නිසා වැන්දඹු වූ ඇය පුතුන් තිදෙනෙකුත් සමග තනිව ජීවිතය ගෙන ගියේ ඈ ඒ වන විටත් වැඩෙහි යෙදී සිටි පොල් ලෙලි තලමින් උපයාගත් වැටුපෙනි. එක්දහස් නවසිය අසූ නවය වන විට පොල් ලෙලි තැලීම රැකියාවක් ලෙස රත්ගම ලදුන්ට විශේෂ විය. ගමේ උඩහින් පිහිටි කලපුවෙහි පොල්ලෙලි වලවල් තනා පල් කරගත් පොල්ලෙලි තලමින් රත්ගම ලදුන් එය සරුවට කර ගෙන ගියෝ ය. ඒ අතර ගමේ පහල කොටසේ කොහු ලණු ඇඹරීම ද සිදු විය. මේ කටයුතු දෙකට ම සහබාගී වූවෝ උඩහත් පහලත් නොමද ව වූහ.
රන්දිකගේ මවට මෙවැනි ශක්තිමත්, කේන්තිකාර ගැහැනුන් සිටි ග්‍රාමයක තනිව වෙසීම අපහසුවක් නොවූයේ ඇගේ මුදු හා කාරුනික බව නිසා ගමේ උදවිය ඈට ආදරෙන් සැලකූ බැවිනි. රත්ගම වැනි ගාමයක මෙතුවක් වසර ගණනක් කිසිවෙකුත් ම සමග ආරවුලක් ඇති කර නොගත් පළමු හා අවසාන කාන්තාවත් ඇය ම වන්නට ඇත. රන්දිකගේ වැඩිමල් සහෝදරයා මවට බරක් වීම ගැන දුකින් පසු වූ හෙයින් වයස සපිරුණු සැනින් පිටරටකට ගොස් රැකියාවක් කරන්නට විය. එයින් පසු ඇය ලෙලි තැලීමට නොගියා ය. රන්දික මැයගේ දෙවනි දරුවා විය.
ඉදින් පවුලේ දෙවනියා ලෙස මද හෝ අග හිග කමකින් තොරව හැදී වැඩුනු රන්දික, මවු තුරුලේ පමණක් ලෝකේ ම නැති බුහුටිකම් පාමින් දිවි ගෙවමින් සිටින මහා කුපාඩි පැටියෙක් ම විය.
YOU ARE READING
එක්තරා දවසක
Non-Fictionඑය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන...