නිම්ජිනී මින් යුන්ගි සමග වටේ යයි!!

185 32 468
                                    

" අයියා හොඳටෝම තෙමිලා නේද ? "

යේනා වැලේ එල්ලා තිබුණු චීත්ත රෙද්දක් ගෙන යුන්ගි වෙත දික්කළාය.

" මම තෙමිල විතරයි. උඹ තෙමිච්ච කිකිළි වගේනෙ. "

යේනා දෙස බලා සිනාසුණු ඔහු චීත්ත රෙද්දෙන් ඇඟ පිසලා එයා යේනා දෙසට විසි කළේය. යේනා චීත්ත රෙද්ද අල්ලා ගත්තේ යන්තම් දෙතොල් ඈත් මෑත් කොට මඳහසක් පාමිනි.

වැස්ස ටිකක් අඩු වුවත් සුළඟ සැර විය. සුළඟට තල්ලු වන වැහි පොද වහලින් වහලට පැන යන හඬ යුන්ගිට ඇසුණේය. කපොලුවලින් වරින් වර ගෙට කඩා වැදුණු හුළං පහර කුප්පි ලාම්පුව නිවා ගෙන යන්නට නොදැරූ උත්සාහයක් නැත.

එහෙත් රබර් කොටයට මුවා වී සිටින පහන් සිළ එහා මෙහා පනිමින් සුළං පහරින් බේරීමට මහන්සි ගත්තේය .

යේනා ගෙයි අඳුරු මුල්ලකට වී යුන්ගිට පිටුපා ගෙන හැට්ටය මාරු කරන්නට වූවාය.

අධික සීතල මැඩගෙන ඇඟ උණුසුම් වන්නාක් මෙන් යුන්ගිට දැනුණි. ඔහුගේ සිත ඇවිස්සුණේය. තමාට පිටුපා ගෙන සිටින යේනා දෙස නො බලා සිටීමට ඔහුට නොහැකි විය.

තෙත හැට්ටය ඉවත්කොට වෙනත් හැට්ටයකට අතක් රිංගවමින් සිටි ඇගේ පිට පෙදෙස ඔහුට නිරාවරණව පෙනෙයි .

යුන්ගි අඩියට දෙකට යේනා ළඟට පැන ඇය පිටු පසින් බදාගත්තේය. හැට්ටයට කටු ගසමින් සිටි ඈ තිගැස්සී ආපසු හැරුණා ය. ඔහුගේ ඇඟෙන් නැගුණු උණුහුම ඇයට දැනුණි.

යුන්ගි ඇය තවත් තරකොට බදා ගත්තේය.

" අනේ යුන්ගි අයියේ පව් නැද්ද ? "

ඈ ඔහුගෙන් ඉවත් වන්නට තැත්කරන්නාක් මෙන් ඇඹරුණාය.

" කොහොමද බං පව් වෙන්නේ. මම කුරා කූඹියෙකුට වත් වැරැද්දක් කරන මිනිහෙක් නෙමෙයි නේ. "

ඔහු ඇගේ කම්මුලට තම මුහුණ තබා තද කලේය. ඔහුගේ උඩු රැවුල ඇගේ මුහුණේ දැවටුණේය. ඇයට අමුතු කිතියක් දැනුනි.

මුළු මනින් රැවුල බෑ ජින්* කවදාවත් උඩු රැවුළක් වවා නැත. ජින්ගේ බීඩි ගඳ වෙනුවට ඇගේ නහයට රිංගුවේ යුන්ගිගේ සුරුට්ටු ගඳයි.

චන්චල සිත | COMPLETED Where stories live. Discover now