Story Based ♡

398 51 19
                                    

The story based---

මේ කතාව ලියන්න එක හේතුවක් තියෙනවා
මන් දන්නෙත් නෑ ඇයි මට ඒකෙන් කතාවක් ලියන්න හිතුනේ කියන්න
ඔන්න අහගන්න එහෙනන් මේ කතාව ---

මේ ලගදි මම econ clz ගියා ඉතින් මම යද්දි පන්තිය පටන් අරන් නෑ.. වෙනදට පන්ති එන මගේ යාලුවත් අද ඇවිත් හිටියේ නෑ.. ඒකනිසා මම මගේ ඉස්කෝලේ ලමයෙක් එක්ක බිත්තිය ලග තිබ්බ ඩෙස්ක් එකකින් ඉදගත්තා..

කොහොමහරි සර් ඇවිත් පන්තිය පටන් අරන් විනාඩි දහයක් විතර යන්න ඇති ඕනනම්..
මම හිටපු ඩෙස්ක් ඉස්සරහ ඩෙස්ක් එකේ කෙල්ලෙක් තනියෙන් ඉදන් හිටියා.. ඒ ලමයව දැක්කම මට කෙනෙක්ව මතක් උනා..

මම දැන් ඒලෙවල් නේ ඉතින් මම ඕලෙවල් කරේ මීට අවුරුදු තුනකට විතර කලින්.. කොහොමහරි මම ඕලෙවල් වලට ගනන් පන්ති ගියේ සර් කෙනෙක් ගාවට.. එතකොට මට හිටියේ අපේ ඉස්කෝලේ යාලුවෙකුයි වෙන ඉස්කෝලෙක යාලුවෙකුයි.. මම දැන් මෙහෙම සද්ද නැතුව හිටියාට 11වසරෙදි මම ඒ පන්තියේ හරි ප්‍රසිද්ධයි.. මම දන්නෙත් නෑ හැබැයි 🙂😂💔

ඉතින් 11වසරේ මුලදි වගේ මට යාලුවෙක් හම්බුනා.. එයා ඉතින් මගේ හොද යාලුවෙක් ඒ දවස් වල.. ඒත් ඉතින් මට අවුරුදු තුනකින් එයාව හම්බුන්නෑ ඒත් එයා ගැන හැමදේම වගේ මට මතකයි..

දැන් econ clz එකේ මගේ ඉස්සරහ ඉදන් ඉන්න කෙල්ල හරියට ඒ යාලුවා වගේමයි.. ඒ ලමයාගෙත් මගේ යාලුවගේ වගේම කොන්ඩේ ලේනෙක්ගේ නැට්ටක් වගේ.. හරි messy ඒත් දිගයි..

මාසක් එකත් දාගෙන නේ දැන් ඉන්නේ මම ඒ ලමයගේ ඇස් දෙක දැක්කෙත් අර යාලුවගේ වගේමයි.. අනේ මන්දා twins ලා වගේ.. එක්කො මට පේනවිදියද කියලා මට හිතුනා.. ඒත් අර යාලුවා වගේම මේ ලමයත් එයාගේ කොන්ඩේ අතින් එකතු කරලා උරහිස පැත්තෙන් ඉස්සරහට ගත්තා.. කොන්ඩේ දාලා තියෙන විදිහ,කටු ගහලා තියෙන විදිය පවා ඒ වගේමයි..

මම ඒ ලමයා දිහා හරියට වශී වෙලා වගේ බලාගෙනම හිටියා.. මම කොල්ලො දිහා වත් එහෙම බලන් ඉදලා නෑ මේ ඇත්තමයි..🙂😌🖐🏻  ඒ ලමයා හැරෙන හැරෙන පාරට ඒ මූණ දිහාමයි බලන්නේ මම.. ඇයි දන්නෙ නෑ, මට තේරෙන්නෙත් නෑ 😂😂

කොහොමහරි මට දැන් සැකයක් තිබ්බා මෙයා මගේ යාලුවා නෙවේ කියලා ඉතින් මම සැකේ යවාගන්න phone එක ෂේප් එකේ අරගෙන අර යාලුවට මැසේජ් කරා..

හත්තික්කේ ඌ රිප්ලයි කරා කියහන්කො 🙂💔
ඒ මම හිතුව යාලුවා නෙවෙයි කියලා ඔප්පු වෙලා තියෙද්දිත් මම අර කෙල්ල දිහා හෙන වෙලාවක් බලන් හිටියා..
මට හිනාත් යනවා මම ගොනෙක් වගේ ඇයි ඒ කෙල්ල දිහා බලන් හිටියේ කියලා..
ඒත් මාස්ක් එක නිසා පෙන්නේ නෑනේ 😌👍🏻

කොහොමහරි මම පන්තිය ඉවර වෙලා ගෙදරත් ගියා ඊට පස්සේ.. අනේ මන්දා ඒ යාලුවා මගේ හොදම යාලුවෙකුත් නෙවෙයි ඒත් මම ඒ ලමයා දිහා ගොඩක් වෙලා බලන් හිටපු එක ගැන මට තේරෙන්නෙත් නෑ 🤣🤣 (මම ලෙස් නෙවෙයි හරිත 🙂😅)

මට ගෙදර ඇවිත් හිතුනේ මම Bl series බලනවා වැඩිද කියලා 🙂 (එහෙමටමත් බලන්නෙ නෑ හරිත 🙂👍🏻💔)

මොනව උනත් දැන් story based එක ඉවරයි දැන් ඉතින් මේ පොඩි කතාව කියවලා යන්න හරිත..
👽😎🖤

___________________________________________________

Character intro :

Main Character : 🔹️Joey ( Jay )
                               
                                🔹️Sherry

Joey's friends : 🔸️Emma
                            
                             🔸️Mina
                           
                             🔸️Claire
                            
                             🔸️Rang
                        
                             🔸️Leon

𝗙𝗜𝗡𝗔𝗟𝗟𝗬  (ɢʟ) ᶜᵒᵐᵖˡᵉᵗᵉ ˢʰᵒʳᵗ ᶠᶠWhere stories live. Discover now