Chapter 04 ♡ ˡᵃˢᵗ ᶜʰᵃᵖ

189 44 18
                                    

FlashBack ~~~ before 3years

ෂෙරී හරිම මලානික මූණක් ඇතිව subway එක දිගේ ඇවිදගෙන ගියා... අම්මයි තාත්තයි නිසා ෂෙරී දැනටත් ගොඩක් විදවලා තියෙන්නේ... මුලින්ම පාර සිහියක් නැතිව පාරේ ගිහින් කාර් එකකට හැප්පුනා... දෙවනි පාර තමන්ගේ තාත්ත ගහපු පාරක් නිසා මාස ගානක් කෝමා එකක හිටියා... ෂෙරී දැන් ජීවත් වෙන අදහස අයින් කරගෙන ඉන්නේ... ඒ නිසාම එයා හිමීට ආවේ කවුරුත් පේන්න නොහිටපු පැත්තකට...

එතන තිබ්බේ ලොකු පොකුණක් ඒත් එක්කම උඩින් පාවමක් තිබ්බා... බිමින් ගලක් ඇහිදපු ෂෙරී පොකුණට විසි කරේ ඒක කොච්චර ගැඹුරුද කියලා බලන්න... හරිම ගැඹුරු පොකුණක්... ෂෙරී පිටේ තිබ්බ බෑග් එකත් එක්කම පාලම අයිනෙන් හිටගත්තේ පොකුණට පනින්න පුලුවන් වෙන්න...

එතකොටම එතනට හුඩී එකක් දාගෙන ආපු කෙනෙක් ආවා...

මොකද?? පනින්නද හදන්නේ?? ඒකත් uniform එක පිටින්ම???
ෂෙරී මුකුත් නොකියා එයා දිහා බලන් හිටියා...

අනිත් අයට නිදහසේ ජීවත් වෙන්න අපි මැරෙන්න ඕන නෑ, මොකද එයාලා එයාලගේ ජීවිතේ නිදහස උවමනාවෙන් නැති කරගෙන ඉවරයි.... එයා එහෙම කියලා එතනින් යන්න ගියා...

සමහර විට ඒ කෙනා ෂෙරී එහෙම කරපු හේතුව වත් දන්නවද දන්නෑ... ඒත් suicide කරගන්නවා නම් ඒ තව කෙනෙක් නිසා කියලා එයාට හිතෙන්න ඇති...

FlashBack ~~End

ෂෙරී... එදා ඔයාව බේරගත්තේ මමද?? ඒත් ඒ ගැන මට හරියට මතකයක් නෑ...

Sherry : වෙන්න පුලුවන්... මොකද ඔයා මගේ මූණදිහා වත් බැලුවේ නෑ... ඒ වගේම එක වචනයක් විතරක් කියලා ගියා... මට වත් කතා කරන්න හම්බුන්නෑ...

එහෙමද?? සමහර විට මාත් එදා අවුලෙන් ඉන්න ඇත්තේ... ඔය කොයි කාලේ වගේද???

Sherry : හරියටම මීට අවුරුදු තුනකට කලින්... මේ වගේ දවසක ඔයා මගේ ජීවිතේ බේරුවේ...

ෂෙරී අවුරුදු තුනක් තිස්සේ මට ආදරේ කරලා... මට මේ දේ හිතාගන්න බැරිවුනා...

ඉතින්... දැන් ඔයා මට ආදරෙයිද???

Sherry : අපි දෙන්නා මුලින්ම යාලුවො උනා... ඒත් දැන්... අපේ මේ relationship එකට ආදරේ කියනවට වඩා හොද නමක් තියෙන්න ඕන... ඒත් එහෙම එකක් නැතුව ඇති නේද.??
I love you Jay...

𝗙𝗜𝗡𝗔𝗟𝗟𝗬  (ɢʟ) ᶜᵒᵐᵖˡᵉᵗᵉ ˢʰᵒʳᵗ ᶠᶠWhere stories live. Discover now