4

229 95 64
                                    

මහල්ලේකුගේ දින පොත.

තවමත් ඔයා වෙනුවෙන් බලන් ඉන්න මම.

මම තවමත් ඔයා වෙනුවෙන් මුහුද ගාවට එනවා පොරොන්දු උණු විදියටම...

දින, සති, මාස, අවුරුදු ගෙවිලා ගියේ පුදුම වේගෙයකින්..

ඉස්සර හිටපු තරුණ සෙල්ලක්කාරයා නෙවෙයි.ඔයත් ඒ වගේම ඇති..

මං වගේම ඔයත් ලෝකේ කොහේ හරි ඉදන් මං ගැන හිතනවත් ඇති..

ඔයා ඉස්සර තරම්ම නිල් පාට වගේම තවම සරාගිද..

මං තවමත් බලාගෙන ඉන්නවා ඔයා එනකම්.

ඔයාට දරුවෝ ඉන්නවද, ඔයා දුකින්ද, සතුටින්ද, කියන්න මං හරියට දන්නේ නෑ.. ඒත් මගේ හිත කියනවා ඔයා මං ගැන හිතනවා ඇති කියලා..

ඒක එහෙම නේද..

දන්නවද අපි වගේම ලස්සන ආදරවන්තයෝ මේ මහ මුහුදට එනවා ..

සමහරු එකතු වෙනවා.. අපි වගේම වෙන් වෙනවා..

තවත් කල්පකාලයක් යනකම් මුහුදට ගිමන් හරින්න වෙන එකක් නෑ..

පුදුම වෙහෙසකර බවක් තියෙන්නේ  බලාපොරොත්තු පොදි බැදන් බලාගෙන ඉන්න එකේ..

ඇත්තටම දැන් මට මහන්සියි..

මං හිතුවේ ගිමන් හරින්න..

ඒත් මම බලාගෙන ඉන්නවා ඔයා එයි කියලා..

ඉතින්....

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
ර‍ටා මවනවා

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ ……

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ…

                         

ජන්කුක් දින පොත මුහුදු වෙරළේ තියලා සාක්කුවට අත දලා සිකරට් එකක් අරගෙන කටේ ගහන්න ගමන් බිම ඇලවුනා.. ජන්කුක්ගේ ඇස් වලින් කදුළු බින්දු ගලාගෙන යද්දී පත්තු වෙන සිකරට් එකේ දුම් බොල ඇතුලෙන් ජිමින්ගේ රූපේ මැවිලා පේනවා දැක්කා එහෙමම ජන්කුක් ඇස් දෙක පියා ගත්තේ ලස්සන හිනාවකින් මුණ පුරෝ ගන්න ගමන්..

 𝙳𝚒𝚊𝚛𝚢       ᴊɪᴋᴏᴏᴋ    ✔️✔️Where stories live. Discover now