Chapter 05

656 181 23
                                    

"යුන්ගි..... ?"

ජේහොප් යුන්ගි ලගින් වාඩි වෙන ගමන් නින්දෙ හිටපු යුන්ගිගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි යැව්වෙ එයාගෙ මූණට වැටෙන ඉර එලිය වහන ගමන්....

"ඔයා ඊයෙ රෑ නිදා ගත්තෙ නැද්ද ?"

"මන් ? "

යුන්ගි ඔලුව උස්සලා බලද්දි ජේහොප් බය වෙලා ගියා ....යුන්ගිගෙ ඇස් යට කලු වෙලා එයාගෙ මූණ මැරිච්ච මලමිනියකගෙ වගෙයි එයාට පෙනුනෙ....

"දෙයියනේ....යුන්ගි ඊයෙ රැ ඔයා මොකද කලේ ?"

"මන් නිදා ගත්තා....හොදට....මන් නිදාගන්න එපැයි නේද ? ඇදක් තිබුනා...කොට්ට ගොඩකුත් තිබුනා.....බ්ලැන්කට් දෙකකුත් තිබුනා...එයත් මන් ලගටම වෙලා මාව බදාගෙන හිටියා...."

"හහ් ?ඊයෙ රෑ ඔයා කවුරු එක්කද හිටියෙ...."

"ප්‍රොෆිසර් එක්ක ..."

"මොන ? "

"ජීමින් එක්ක...."

ජේහොප් ඇස් දෙක ලොකු කරලා යුන්ගි දිහා බලලා වටපිට බැලුවෙ ලග පාත කවුරු හරි ඉන්නවද කියලා බලන ගමන්.....

"ඔයා මොනවද එයාට කලේ....මතක තියාගන්න යුන්ගි එහා අපිට වඩා තාමත් බාලයි...."

"මන් කරපු දෙයක් නෑ....ඔයා ඊයෙ මාව නිදාගන්න ඔයා ලගට ගත්ත නම් මේ මොනවත් නෑ.....දැන් මට එයාගෙ සුවදමයි හැමතැනින්ම එන්නෙ...මට පිස්සු වගේ...මගෙ ඔලුව රිදෙනවා...."

"එයා කිව්වද ඔයාට එයාගෙ කාමරේ නිදාගන්න කියලා....? "

"හ්ම් .....ඒ මදිවට එයා කමිසයක් නැතුව තුවායක් විතරක් කර වටේ ඔතාගෙන කාමරේ හැම තැනම ඇවිදිනවා...එයා ගෙදරට අදින්නෙත් හුගක් කොටට....."

ජේහොප් යුන්ගිගෙ ඔලුවට හයියෙන් ගහලා වටපිට බලලා යුන්ගි ලගට ලන් උනේ එයාට හෙමීට කතා කරන්න කියල කියන ගමන්.....

"ඔයාට පිස්සු හැදීගෙන එන්නෙ යුන්ගි...."

ජේහොප් කිව්වෙ හිනා වෙන ගමන්....

"මන් එයාට ඇත්තටම කැමතිද ?"

"ඔව්...මන් හිතන්නෙ ඔයා එයාට ඇත්තටම කැමතියි....."

"ජරාවක්නෙ......ආයිශ්.....ඇයි එයාම ? ආහ්හ්හ්හ්....."

යුන්ගි කෑගහන ගමන් නැගිටලා ඔලුවෙ අත ගහගෙන බන්කුව වටේ ඇවිද්දෙ තණ ගොල්ල දිහා බලාගෙන .....

Stolen Sweatheart | YM ✔Where stories live. Discover now