Chapter 42

376 120 7
                                    

ජීමින්  පොත් වගයක් පෙරලන අතරෙ ඒ දිහාට ඇස් යොමු කරගෙන හිටපු නිසා එයාට ඉස්සරහින් ඇවිත් වාඩි උන කෙනා එයා දැක්කෙ නෑ....

"ජීමින්... "

යුන්ගි ජීමින්ගෙ අතට තට්ටුවක් දාන ගමන් කතා කරපු නිසා ජීමින් යුන්ගි දිහා බලලා කණ්ණාඩි දෙක ගැලෙව්වෙ ඇහි බැමි පොඩි කරන ගමන්...

"ඔයා පුස්තකාලෙට ආවෙ පොත් කියවන්න නෙවෙයිනේ... ? "

"නෑ... මන් ආවෙ ඔයා මෙතන ඉන්නවා දැකපු නිසා.... මන් ඔයාගෙ එහාපැත්තට එන්නද ? "

ජීමින් යුන්ගි දිහා බලලා හිනා වෙන ගමන් එයාගෙ එහා පැත්තෙ  පුටුව උඩ තිබුන පොත් ගොඩ මේසෙ උඩින් තිබ්බෙ යුන්ගිට වාඩි වෙන්න ඉඩ හදන ගමන්...

යුන්ගි එතනින් වාඩි වෙන්න කියලා යනකොටම කවුරුහරි ඒ පුටුවෙන් වාඩි වෙනවා දැකලා යුන්ගි තරහෙන් මේසෙට ගැහුවා...

ඒ කෙනා යුන්ගි දිහා බලලා හිනා වෙන ගමන් ජීමින්ගෙ කර වටේ බලෙන්ම අත දාගෙන යුන්ගිට වාඩි වෙන්න කිව්වෙ ආඩම්බර බැල්මෙන්...

යුන්ගිට වාඩි වෙන්න උවමනාවක් තිබ්බෙ නැතත් එකපාරටම කෙනෙක් එයාව පුටුවට තියලා තද කරපු නිසා යුන්ගිට ඉද ගැස්සුනා....

"අපි ටිකක් කතා කරාට මොකද වෙන්නෙ... නැද්ද ?"

"තමුසෙ එක්ක කතා කරන්න කිසි දෙයක් නෑ... එයාගෙන්  පැත්තකට වෙනවා... "

යුන්ගි කිව්වෙ පැත්තකට වෙන්න දගලන ජීමින් දිහා බලන ගමන්....

ඒ වුනත් ජීමින් ලග තිබුන තඩි පොතකින් බායීජීගෙ ඔලුවට ගහලා නැගිටිද්දි යුන්ගිත් එයාට පස්සහින් හිටගෙන හිටපු මනුස්සයව පැත්තකට තල්ලු කරලා හිටගත්තා....

"තමුසෙලට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලනම් දන්නෙ නෑ... ඒ වුනාට අහක යන කුණු ඇගේ පටලවගන්න මට ආසාවක් නෑ.... ඒ නිසා පැත්තකට වෙලා ඉන්නවා... "

යුන්ගි එහෙම කියලා කෑගහද්දි එයා දැක්කා ඒ මනුස්සයගෙ මූණෙ හිනාවක් ඇදෙනවා....

"යනවා යන්න මෙතනින්... ඕනිම නම් වෙන තැනකින් ගිහින් වාඩි වෙනවා... "

ජීමින් කෑගහද්දි පුස්තකාලාදිපතිට ඇහුන නිසා එයා නැගිටලා එනවා දැකලා බායීජි යුන්ගිගෙ උරහිසේ හැප්පෙන ගමන් එයාගෙ සද්දන්තයො දෙන්නා එක්ක එලියට ගෑටුව.....

ජීමින් ආපහු වාඩි උනේ ඔලුවෙ අතගහගන්න ගමන්....

"කවුද ඒ ? ඌට මොකක්ද ඔයත් එක්ක ඔච්චරම තියෙන ප්‍රශ්නෙ... "

"මන් දන්නෙ නෑ.... "

"ආයෙත් ඌ ඔයා ඉන්න තැනට ඇවිල්ල මොනවහරි කිව්වොත් මට කියන්න හාද ? "

යුන්ගි ජීමින්ගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් කියද්දි ජීමින් හිනා වෙන ගමන් යුන්ගි දිහා බැලුවා....

"ඔයා රණ්ඩුවට ගියෙ නැත්තෙ මන් කියපු නිසාද ?"

යුන්ගි එකපාරටම ජීමින්ගෙ ඇස් මගහැරලා එයාගෙ නියපොතු දිහා බලාගත්තා...

"එහෙම දෙයක් නෑ... මට ඕනි නිසයි මන් රණ්ඩුවට ගියෙ නැත්තෙ... "

ජීමින් කලින් ඉදන් දැනගෙන හිටියා යුන්ගි හොදට පොරොන්දු රකිනවා කියලා....ඒ වුනත් එයා ඒක හරියටම දැනගත්තෙ අදයි...

ජීමින් හිනා වෙන ගමන් එයාගෙ වැඩේ පටන් ගත්තෙ ඔක්කොම අමතක කරලා දාලා....

යුන්ගිට සතුටු හිතෙන්න මහලොකු දේවල් ඕනි උනේ නෑ... සිනිදු මල් පෙත්තක්  අත උඩ තියාගෙන ඒක අතගගා උනත් මහමෙර තරම් එයා සතුටු උනා......

ඒ වුනත් එයාට තරහ යන්නත් මහලොකු හේතු ඕනි උනේ නෑ... පොඩි දේකින් උනත් එයාට තරහ ගියා .... කවුරුහරි එයා ලග ඉදන් කතා කරත් එයා ඒ කෙනාට බැනලා ඒ කෙනාගෙ දවසම විනාස කරන්න දැනගෙන හිටියා....

ඒ වුනත් ජීමින් ඉස්සරහ යුන්ගි එක විදිහක්... ජීමින් පොඩි දේකින් උනත් එයා ගැන හොයලා බලනවනම් එයා සතුටු උනා... එයාගෙ ඇගේ එල්ලිලා මූණ බදාගෙන නොහිටියට එයා දිහා ජීමින්ගෙ ඒ ඇස් දෙකෙන් බැලුවත් යුන්ගි ආදරෙන් බැදුනා...මහ මුහුද තරම් හිනා උනා... පූසෙක් වගේ සද්දෙට පුරු පුරු ගෑවා....

"හැමදාම ඔය ලැජ්ජා හිතෙන පූසව ලග තියාගන්න තිබ්බනම්.... "

ජීමින් එයාටම කියාගත්තෙ එයාගෙ පොත් දිහා බලාගෙන ඉන්න යුන්ගි දිහා බලන ගමන්...

"ඔයා මොනවහරි හන්ගනවා නේද ?"

යුන්ගි ඇහුවෙ ජීමින් වැඩ කරන දිහා බලාගෙන...

"මන් මොනවත් හන්ගන්නෙ නෑ... මන් එහෙම කරා නම් කරන්නෙ අපි දෙන්නගෙම සතුට ගැන හිතලා ..."

ජීමින් එහෙම කිව්ව නිසා යුන්ගි කටවහගෙන එයා දිහා බලාගෙන හිටියා....එයා තවත් මොනවත් කියන්න ගියෙ නෑ...













Stolen Sweatheart | YM ✔Where stories live. Discover now