ජේකේ අල්ලන් හිටිය ජිමින්ගෙ අතින් ඇදලා ගත්තෙ හරියටම එයාගෙ ඇස් ඉස්සරහට.
ජේකේ එයාගෙ බැන්ඩේජ් ගලවපු ඇස් තාමත් පියානයි හිටියෙ..එයාලාගෙ හොස්පිට්ල් රූම් එකෙ ඒ දෙන්නා විතරක් තනි වෙලා හිටියෙ ජින් , නම්ජුන් දෙන්නා ඒකට ඉඩ තියලා ගිය නිසා..
"මේ කරන්නෙ වැරැද්දක් ජින්..කලින් ලියන්න ගත්ත කතාවෙ තව පරිච්ඡේදයක් අපි මේ පෙරළන්නෙ..."
නම්ජුන් ජින්ගෙ උරහිස් උඩින් බාගෙට වැහෙන දොර පියන අතරින් ජිමින් , ජේකේ දිහා බලන් කිව්වෙ සිහින් කටහඬින්..
"ඔව්...මේ තව පරිච්ඡේදයක්...ඒ වගේම අන්තිම පරිච්ඡේදයත් මේකම වෙයි..." ජිනුත් ඒ දිහා බලන්ම මිමිණුවා...
"දවසක එයා තීරණයක් ගනී..එයා එදාට පසුතැවෙයි...මේක හැපි එන්ඩින් කතාවක් වෙන්නෙ නෑ කීයටවත්....."
නම්ජුන් ජින්ගෙ උරහිසෙන් අත තියා ගත්තෙ සනසන්නද සැනසෙන්නද දන්නෙ නෑ...ඒත් දෙන්නටම සැනසීම කියන වචනෙ දුරයි...
"අනිවාර්යයෙන්ම පසුතැවෙයි..ඒත් ඒ එයාමද...නැත්තම්....? " ජින් කතාව නැවැත්තුවා.ඒත් ආයෙ වෙන තැනකින් පටන් ගත්තා..
"ජූන්... මේ කතාව අපියි ලියන්න ගත්තෙ...අපි දැනන් හිටියා මේක සෑඩ් එන්ඩින් කියලා....ඉතිං ඒක දරා ගන්න වෙන්නෙත්........"
ජින් නම්ජුන්ගෙ ඇස් දිහා බැලුවෙ ආපහු හැරිලා.
නම්ජුන් උත්තරේ ඕනිවටත් වඩා හොඳට දැනන් හිටියා..
එතකොටම වගේ දොර වැහිලා ම ගියෙ....
ජිමින් , ජේකේගෙ ඇස් දිහා බලන් ඉද්දි...
ජේකේ ජිමින්ගෙ ඇස් දිහා බලන් ඉද්දි....
ජින් , නම්ජුන් එයාලගෙ සුදු කෝට් සාක්කු වල අත් දාන් කොරිඩෝව දිගේම ගියෙ කිසි කතාවක් නැතිව...
පාළු හොස්පිට්ල් එකේ..පාළු කොරිඩෝ එකේ....
කිසිම සද්දයක් නැති අසාමාන්‍ය නිහඬත්වයක් පිරිලා තිබුනා..
හරියට එයාලාගෙ ජීවිත වගේ..
හිස්..
සහ
පාළුයි...
ළමයි 3001 න් update ආවෙ නැද්ද ආ?
මට පෙන්නන් නෑනෙ..
🤔