2

280 65 7
                                    

-"ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-"ඉතින්...මම ජන්කුක්. එතකොට ඔයා?"

ටේහියුන් නැවතත් ඇහිබැමක් එසවූයේ ය.

-"මං හිතන්නෙ නෑ ඔයා ඒක දැනගන්න අවශ්‍යයි කියල."

-"ඔහ්..."

ජන්කුක් පුදුමයට පත් බවක් පෙන්වීය.

-"ඇත්තටම ඒකෙ අවශ්‍යතාවක් නැති වෙයි කියල ඔයාට විශ්වාසද?"

-"ඇත්තෙන්ම...කොහෙත්ම අවශ්‍ය වෙන එකක් නෑ."

-"ඒ වුණත් මහත්මයා....මං කිව්වොත් මං ඔබේ නම දන්නවා කියල."

ටේහියුන් පිළිතුරු නොදුන්නේ ය.

-"කිම් ටේහියුන්....ඒක නේද නම?"

ජන්කුක් ට්‍රන්ක පෙට්ටියේ සටහන් කර ඇති නම දෑස්වලින් ටේහියුන්ට පෙන්වී ය.

නමුදු මද වෙලාවක් ගත වුණ ද ටේහියුන්ගෙන් පිළිතුරක් නොමැති තැන ජන්කුක් සාක්කුවෙන් පිටතට ගත් හතරට නැවූ කඩදාසියක් දිගහැර කියවන්නට විය.

ජන්කුක්ගේ හැඩරුව නිරීක්ෂණය උදෙසා ටේහියුන් ඒ මොහොත වැය කළේ ය.

ටේහියුන්ට පෙනුණු අයුරින් කඩවසම් බවත් සල්ලාල බවත් එකතු වූ පෙනුමක් ජන්කුක්ට උරුම වී තිබුණි. ඔහුගේ තද කළු දෑස් සහ පිටුපසට පීරා තිබූ හිස කෙස් ඊට හේතුවී ඇති බැව් ඔහු සිතුවේ ය. ටේහියුන් යනු දෑස් කියවීමේ අපොහොසතෙකු වුව ද ජන්කුක්ගේ කාල වර්ණ දෑස් තුළ කපටි බවක් ගැබ්ව ඇති බව ටේහියුන්ට හැඟුණේ ය. ජන්කුක්ගේ වම් ඇස අසළ ඊ හිසක හැඩැති ටැටූවක් තිබුණු අතර ඒ දෙස එක එල්ලේ බලා සිටි ටේහියුන් වටහා ගත්තේ එය තුවාල කැළැලක් වසා දැමීමට කළ උත්සාහයක් බව ය. ඊට අමතරව ඔහුගේ ඇඟිලිවල තිබුණු විවිධ වර්ගයේ මුදු මෙන්ම ගෙල වටා රැඳුණු දම්වැල් හැඩැති මාල ද ජන්කුක්ගේ සල්ලාල පෙනුම තීව්‍ර කර ගැනීමට උපකාරී විය.

-"පරීක්ෂාව ඉවරයි නම් අපි කතාව පටන් ගමුද?"

ජන්කුක්ගේ හඬින් ටේහියුන් පියවි සිහියට පැමිණියේ ය. තමා ඔහු දෙස බලා සිටින අයුරු ජන්කුක් දැක ඇති බව තේරුම් ගත් ටේහියුන්ට සියුම් ලැජ්ජාවක් ඇති විය. එහෙත් ඒ නිසා ම ජන්කුක්ගේ කටහඬ පෙරට වඩා ගැඹුරු වී ඇති බව අවධානයට හසු කර ගැනීමට ටේහියුන්ට නොහැකි වූයේ ය.

-"මං හිතන්නෙ නෑ අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියල."

-"ඇයි නැත්තෙ? අපිට පුලුවන් ඔයා රහසිගතව ම අරගෙන යන දියමන්ති ගැන කතා කරන්න."

ටේහියුන් මදක් තිගැස්සුණ ද ඒ බවක් නොපෙන්වා සිටියේ ය. නමුත් ජන්කුක්ගේ තීක්ෂණ දෑස්වලින් එය සැඟවීමට ඔහු අපොහොසත් වූයේ ය.

-"මොන දියමන්ති ගැනද තමුන් කියවන්නෙ?"

ටේහියුන්ගෙ හඬ ආවේගශීලි විය. ජන්කුක්ගේ මුව අගින් සිනහ වූයේ ය.

-"සද්දෙ අඩු කරගන්න. නැත්තං මේ කෝච්චියෙ ඉන්න හැම කෙනෙක්ම දැන ගනියි."

ටේහියුන් වට පිට බැලූ අතර දෑස් පියාගෙන සන්සුන් වීමට උත්සාහ කළේ ය.

-"බ්ලැක් මාම්බා කල්ලියට අයිති දියමන්ති තමුන් අනවසරයෙන් අරගෙන යනවා. ඒක හොරකමක් නෙවෙයිද?"

-"ඒ දියමන්ති උන්ගෙ නෙවෙයි. ඒව මගෙ... මගෙ පවුලෙ අයගෙ."

ටේහියුන් අසුනින් නැගී සිට මොර දුන්නේය. ජන්කුක් දෑස්වලින් මැදිරිය තුළ සිටින අනෙක් මගීන් පෙන්වූ අතර ටේහියුන් නැවත අසුන් ගෙන අසුන වෙත වැරෙන් පහරක් එල්ල කළේ ය.

-"මට ඒ කතාවලින් වැඩක් නෑ. මට ඕනි දියමන්ති ටික."

ජන්කුක් ඉණෙහි සඟවා ගෙන සිටි පිස්තෝලයක් පිටතට ගෙන පතොරම් දැමීම ඇරඹුවේ ය. පිස්තෝලය දුටු ටේහියුන් බියට පත් වූ බව ඔහුගේ විසල් වුණු දෑස් දෙස බැලූ විට කිව හැකිව තිබුණි. ටේහියුන් දෙසට බැල්මක් හෝ නොහෙළා ජන්කුක් පිස්තෝලයේ උණ්ඩ තද කළේ ය.

තත්පර කිහිපයක් ගත වුණි. ජන්කුක් නැවත ටේහියුන් දෙස බැලුවේ ය. එක්වරම දුටු දර්ශනයෙන් ඔහු මවිතයට පත් වූයේ ය.

ජන්කුක්ට ඉදිරියෙන් සිටි ටේහියුන්, දෑතින්ම අල්ලා ගත් පිස්තෝලයක් ජන්කුක් වෙත එල්ල කර ගෙන සිටියේ ය.

24-02-2022

GeeSh_ ☔

Run Away | TaeKook | ✅Where stories live. Discover now