3

263 65 8
                                    

ජන්කුක්ට ඉදිරියෙන් සිටි ටේහියුන්, දෑතින්ම අල්ලා ගත් පිස්තෝලයක් ජන්කුක් වෙත එල්ල කර ගෙන සිටියේ ය

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජන්කුක්ට ඉදිරියෙන් සිටි ටේහියුන්, දෑතින්ම අල්ලා ගත් පිස්තෝලයක් ජන්කුක් වෙත එල්ල කර ගෙන සිටියේ ය. මොහොතක් නොසෙල්වී බලා සිටි ජන්කුක් තමා සතු පිස්තෝලය පසෙකින් තබා දෑත් විදහා තමා නිරායුධ බව ටේහියුන්ට ඇඟවී ය.

-"පිස්තෝලයක් අතේ තිබුණට වැඩක් නෑ ටේහියුන්, ඒක පාවිච්චි කරන්න බයත් නැති කරගන්න ඕනෙ."

ජන්කුක් හඬ අවදි කළේ ය.

-"මොන...මොනවද තමුසෙ කියවන්නෙ?"

ටේහියුන්ගේ වදන් පැටළැවිණි.

ජන්කුක් සිනහ වුණි. ටේහියුන්ගේ දෑත වෙව්ලන අයුරු ඔහු දුටුවේ ය.

-"පණ පිටින් අල්ලපු මාළුවෙක්ව මරද්දිත් බය වෙන ඔයා කොහොමද කෙනෙක්ව මරන්නෙ ටේහියුන්?"

ජන්කුක්ගේ හඬ සන්සුන් විය. ඔහුගේ ප්‍රකාශයත් සමග ටේහියුන් වික්‍ෂිප්ත වූයේය. තවත් මොහොතක් වෙව්ලන දෑත්වලින් ජන්කුක් වෙතට පිස්තෝලය එල්ල කරගෙන සිටි ඔහු එක්වරම පිස්තෝලය ආසනය මතට අතහැර දෙපා අතර මුහුණ රුවා ගත්තේ ය.

පෙර දි පසෙකින් තැබූ සිය පිස්තෝලය ගෙන නැවත ඉණෙහි සඟවා ගත් ජන්කුක් හිස් හැඟීමෙන් ටේහියුන් දෙස බලා සිටියේ ය. සැබැවින්ම ජන්කුක්ට ටේහියුන්ගේ මෙම බොළඳ බව පිළිබඳ තිබුණේ පිළිකුළකි. "පිරිමියෙකු වී නම් ශක්තිමත් විය යුතුය, දරා ගත යුතු ය." යන්න ඔහු තදින් විශ්වාස කළේ ය. එහෙයින් ටේහියුන් වැනි බොළඳ පිරිමින් කෙරෙහි ජන්කුක්ගේ සිත තුළ කවදත් පැවතියේ අප්‍රසන්න බවකි.

-"කවුද තමුසෙ?"

හිස එසවූ ටේහියුන් ජන්කුක්ගෙන් ප්‍රශ්න කළේ ය. දැඩි බැල්මක් ආරූඪ කරගෙන සිටිය ද තවමත් කඳුළු පටලයකින් ටේහියුන්ගේ දෑස් දිලිසෙනු ජන්කුක් දුටුවේ ය.

-"මම ජන්කුක්. බ්ලැක් මාම්බා කල්ලියෙන් මාව එව්වෙ තමුන් ළඟ තියෙන කල්ලියට අයිති දියමන්ති අරගෙන එන්න."

-"ඒ දියමන්ති අපේ... තමුන්ලට අයිතියක් නෑ ඒවට."

ටේහියුන් මොර ගෑවේ ය. ජන්කුක් අනුකම්පා විරහිත දෑස්වලින් ටේහියුන් දෙස බලා සිටියේ ය.

-"මගෙ මුත්තා ළඟ ගොඩක් වටින දියමන්ති මාලයක් තිබුණා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුණු එකක්."

ටේහියුන් කතාව ඇරඹුවේ ය.

-"මගෙ සීයා ඒක මගෙ තාත්තට දුන්නා. ඒ වුණත් එක දවසක් ගෙදරට පැනපු මංකොල්ලකාරයො කිහිප දෙනෙක් ඒ දියමන්ති මාලෙයි, තව අපි ළඟ තිබුණු වටින දේවලුයි අරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි උන් මගෙ තාත්තවත් මරලා දැම්මා."

ටේහියුන්ගේ දෑසින් කඳුළු වැටෙන්නට විය. එහෙත් ඒ උණු කඳුළු ජන්කුක්ගේ සිත උණු කිරීමට අසමත් විය.

-"එතකොට මට අවුරුදු එකොළහයි. මට කරගන්න දෙයක් තිබුණෙ නෑ. මං ඇඬුවා.... එච්චරයි මට කරගන්න පුලුවන් වුණේ."

ටේහියුන් හුස්මක් ඇද්දේ ය.

-"මගෙ අම්මගෙ වකුගඩුවල ප්‍රශ්නයක්. ඒකට සැත්කමක් කරන්න ඕනෙ. ඒත් ඒකට ඕනි කරන සල්ලි අපි ළඟ නෑ. එතකොට තමයි මට දැනගන්න ලැබුණෙ මගෙ තාත්තව මරල අපිව කොල්ල කෑවෙ බ්ලැක් මාම්බා කල්ලිය කියලා. ඉතින් මං කල්ලියට එකතු වුණා මගෙ අනන්‍යතාවය හංගලා. ඊටපස්සෙ මට දැනගන්න ලැබුණා අපේ දියමන්ති මාලයේ දියමන්ති ටික විතරක් තාමත් උන් ළඟ තියෙනවා කියල. ඉතින් මං ඒවා හොරකම් කළා. මට පුලුවන් වෙයි මගෙ අම්මව ජීවත් කරවන්න."

ටේහියුන් කඳුළු අතරින්ම පැවසුවේ ය.

-"කතාව ඉවරයි නම් මට දියමන්ති ටික දෙන්න. මට ලොකු වෙලාවක් නෑ නාස්ති කරන්න."

ජන්කුක්ගේ හිස් බැල්මෙන්ම කියූ අතර ටේහියුන්ගේ දෑස් විසල් විය.

01-03-2022

GeeSh_ ☔

Run Away | TaeKook | ✅Donde viven las historias. Descúbrelo ahora