The Truth You Do Not Know !?
~~~~~~~~~~~~~~~~~~~
" Jungkook !!! ඔහොම නවතිනවා..... නවතින්න නේද කිව්වේ තමුන්ට !! "
" අප්පා චේබාල් ... මට තවත් මේ අපායේ ජීවත් වෙන්න බැහෑ.... මට ඕන... මට ඕන ලස්සනට ජීවත් වෙන්න... අනිත් ළමයි වගේ ලස්සනට ඇදලා කරලා ඉන්න...."
" ඒකට තමයි දරුවෝ කොලේජ් ගිහින් හොදට ඉගෙන ගන්න කියන්නේ.. එතකොට ඔයාට ඔයාගේ දේවල් නිකන්ම ලැබෙයි.."
" මට එච්චර කල් ඉවසන් ඉන්න බැහෑ අප්පා... මං ස්කූල් යන කාලෙත් ළමයින්ගෙන් කොන් වුනා.. මගේ අප්පා ශෙඩ් එකක වැඩකරනවා කියලා...කුණු ගෑවුන ඇදුම් ඇදන් ඉන්නවා කියලා.... මට බෑ කොලේජ් එකෙත් ඒ කතා අහලා කොන් වෙන්න...දන්නවද අප්පා.. කොලේජ් එකේ කෙල්ලෝ මගේ පස්සෙන්මයි... ඉතින් එයාලා දැන ගත්තොත් මගේ තත්වේ...? එතකොට මට මොකද වෙන්නේ අප්පා ? "
" ඒ මගේ පුතා අනිත් හැමෝටන වඩා ලස්සන නිසානේ ... ඒ ළමයි පුතාව තේරුම් ගනී.. එතකොට ඔය යාලුකම් නැති නොවී තියේවී.... "
" ඒ අප්පා හිතන විදිහ .. අප්පගේ ඔය හිත හොද වැඩිකම නිසා තමා අපිට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ... "
" ජන්ග්කුක් එපා.. යන්න එපා.. දරුවෝ.. ඔයා ගමන ගියොත් තමුන්ට අප්පා නෑ කියලා හිතා ගන්නවා... "
" වේ අප්පා ?.. බයද මං හරබොජි ලගට ගිහින් මට අයිති දේවල් ඉල්ල ගත්තම එයාගේ හිත රිදෙයි කියලා.. අප්පා මහා මෝඩයි අප්පා...අප්පා අවුරුදු 24ක් තවම දුක් විදින්නේ මගේ ඔම්මා මාව දාලා ගිහින් අප්පව පාරට ඇදලා දැම්ම නිසානේ....හරබොජි කොහොමද එහෙම කරන්නේ... අප්පාගේ දේවල් අප්පට නොදී ඉන්නේ කොහොමද.. ඒ හැමදේම නැන්දට ගියාම කොහෙවත් ඉන්න උන්ට අපේ දේපළ අයිත් වෙනවා... නැන්දා ඔය ගෑණී තමා ඔක්කොම කරන්න ඇත්තේ... "
" ජන්ග්කුක් !!!!!! "
ජන්ග්කුගේ කම්මුල තමන්ගේ අප්පගේ සැර අතුල් පහරකින් රත් වෙද්දී මෙච්චර වෙලා ඇස් අග රදවන් හිටිය සිහින් කදුලු බිංදුවක් කම්මුල දිගේ රූරා ගිහින් වැටුනා.... තවමත් පුපුරු ගහන කම්මුල අතකින් අල්වන් තමන්ගේ පියාගේ දෑස් දිහා එක එල්ලේ බලන් හිටියේ කවදාවත් තමන්ට අත් ඉස්සුවේ නැති තමන්ගේ පියා අද මේ වගේ වුනේ ඇයි කියලා අහන්න වගේ... ඔව් ඒ හිතට වේදනයි... තමන්ට පොඩි හරි සීරීමක්වත් නොවෙන්න දුන්න අප්පා අද වෙනස් වෙලා.. ඒ ඇස් තරහෙන් පුපුරනවා.. රතු වෙලා.. ඒත් ඒ හිතේ තිබ්බ දාරක සෙනෙහේ නොඅඩුව ඒ ඇස් වලින් පෙනුනා....
YOU ARE READING
HIDDEN LOVE ❄️💟 || JIN x KOOK [ COMPLETED ]
Fanfiction➿ දරුවෙක්ට තියෙන සෙනෙහස ඔම්මා කෙනෙක්ට වගේම අප්පා කෙනෙක්ටත් ඒහා සමානව දැනෙනවා... නමුත් ඒ ගැන අකුරු කරන තරම හරිම අඩුයි... හේතුව ?... හිතන්න !! Dont Copy My Work ⚠️️ Do Your Best Dude... Start Date 📅 : 2022.03.09 Published Date 📅 : 2022.05.31 JIN x...