HIDDEN LOVE 2 💟

336 125 82
                                    

වසරකට පසු....

" බැහැපන් මේ ගෙදරින් එළියට...."

" අ-ප්පා..."

" කවුද තමුන්ගේ අප්පා?..මෙහේ තමුන්ට අප්පලා නැහෑ... ඒ නිසා බැහැපන් එළියට...."

" අනේ මහත්තයා මගේ දරුවා..."

" තමුසේ කටවහා ගන්නවා.. අද මේ ගෙදර එකෙක් මූ වෙනුවෙන් කතා කරන්න බැහෑ... පේනවද තමුසෙගේ පුතාගේ කෙරුවාව?. වටේටම පම්පෝරී ගැහුවනේ තමුන්ගේ පුතා තරම් සීලවන්තයෙක් නැහැ කියලා.. දැන් පේනවද කරලා තියෙන දේ.. කොහෙවත් ඉන්න ගෑණුන්ට දාව ළමයි හදන් ඇවිත් මං උන්ට උප්පැන්නෙට මගේ වාසගම දෙන්න ඕනද ?... මේ කිම් පවුලේ කවදාවත් නොවුන දේවල් මේවා... තියෙන හොදම කොලේජ් එකට ඉගෙන ගන්න යැව්වේ මේ හැමදේම දවසක බාර ගන්න ඉන්නේ තමුන් නිසා ... මං කල දේවල් වලට මට කල ප්‍රති උපකාරෙද මේ ?.. තවත් මොනවද බලන් ඉන්නේ බැහැපන් එළියට... "

අප්පා මාව ගෙදරින් එළියට තල්ලු කලේ මගේ අතේ ඉන්න කිරි කැටියා ගැනවත් තැකීමක් නොකරමයි....

" අනේ මහත්තයා... ඕක නවත්තන්නකෝ..."

" ඔම්මා.... චේබාල්..."

" අනේ මගේ දරුවෝ...."

ඔම්මාගේ ඇස් වල දරුකැක්කුම ඕනාවට වඩා තිබුණා.. මොකද එයත් ඔම්මා කෙනෙක් නිසා... ඒත් මගේ අප්පාගේ ඇස් වල පොඩ්ඩක්වත් අනුකම්පාවක් තිබුණේ නැහෑ... මං දැක්කා ඒ ඇස් මේ දරුවා දිහා වෛරයකින් බලනවා... දරුවට මොනවා හරි වෙයි කියන බයටම තවත් මං දරුවව පපුවට තද කර ගත්තේ කම්මුල් කදුලු වලින් තෙත් කරද්දියි....

ඔම්මා මගේ ලගට දුවගෙන එන්න හැදුවත් අප්පා ඔම්මාව නතර කලා..

" මගේ සල්ලී වලින් තමුන් ගත්ත හැමදේම තියලා තමුන්ට යන්න පුලුවන්..සොක් ජින්... මේකත් මතක තියා ගන්නවා.. මගේ පුතා මැරුණා.. ඒ නිසා අද ඉදන් තමුන් අපේ පවුලේ කෙනෙක් නෙවෙයි... නිකන්ම නිකන් සොක්ජින් විතරයි... බැහැපන් එළියට..."


අන්තිමට මට ඇදන් ඉන්න ඇදුම පිටින්ම මේ දරුවත් අරන් පාරට බහින්න සිද්ද වුනා.... මගේ කාර්ඩ්ස් වගේම අනිත් හැමදේමත් මට ගෙදර දාලා එන්න වුනා... අඩුම අදින්න ඇදුමක්වත් මට ඉතිරි වුනේ නෑ... මේ අහිංසක දරුවා ගැනවත් හිතලා අප්පා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහෑ....

HIDDEN LOVE ❄️💟   || JIN x KOOK  [ COMPLETED ]Where stories live. Discover now