-Apocalypse-

1.3K 222 140
                                    

                 කාර්යබහුල ගාලු නගරය හිමින් සන්සුන් වෙන වෙලාව.. තවමත් කහ පාට පහන් ආලෝකය ගාලු කොටුව එළිය කලා.. ඇවිස්සුන කඩි ගුල වගේ තිබුණ ගාලු නගරය දිහා බලාගෙන දවසෙම මුහුදු හුළග කාපු පතාක යෝධයා , ඔරලෝසු කණුවත් තාමත් කහ පහන් ආලෝකයෙන් දිලිසෙනවා... සමුද්‍ර මාවතේ මුහුදු රළ හය්යෙන් ඇවිත් ගල්වල වැදිලා ආපහු විසිවෙනවා.. බස් නැවතුම් පොළ සන්සුන් වෙලා.. දවල්ට පෙම්තුන්ගෙන් පිරෙන ධර්මපාල උද්‍යානයේ සමනල පාළමත් පාළුවට ගිහින්.. ඈත අහසටම විහිදෙන ප්‍රදීපාගාරේ එළියට ඇදෙන නැව්වලත් අඩුවක් නම් පේන්න නැහැ.. ඉදහිට සිගරට් එකක දුමත් , බියර් කෑන් එකක ගදත් නාවාම නොවේ.. සංචාරකයො නම් රෑට මුළු කොටු පවුරම අයිති කරගන්නේ නිදහසේ මුහුදු හුළග විදින ගමන්...

                දවාලෙට ඇගිල්ලක් ගහන්න ඉඩ නැති කොටු තාප්පේ උඩ දිග බංකු හිස් වෙලා ගිහින්.. හෝටල් එකින් එක වැහෙන වෙලාව..අාමි කෑම්ප් එකේ රසම රස ආප්ප වඩේ කඩයත් වැහිලා ගිහින්.. කැම්ප් එක ගාව අරලිය මල් පිපිලා සුවදයි.. ඒත් තවමත් කහ පාට අඩ අදුරට මුවා වෙලා මුහුදු හුළගේ පහස විදිමින් ඉදිය අයත් නැතුවාම නෙවේ.. දිග ගල් බංකුවේ වාඩි වෙලා ඉදපු නෙතු යුගල් දෙකේම බලාපොරොත්තු වියැකෙමින් තිබුණා.. ඈත මුහුදේ තියන ලොකු නැව්වල එළි බල බල ඒ දෙන්නා ලොකු කතාවක.. අතේ ඇගිලි ගානට මිනිස්සු අඩුවෙලා තිබුණ වෙලාවේ ඒ දෙන්නාව කැපිලා පේන එක අහන්නත් දෙයක් නෙවේ.. ඒ ගල් බංකුව ගාව පහළින් තිබ්බ ලොකු ගමන් මළු දෙක ලොකු කතාවක් හැංගුවා..

'' මට බයයි වගේ සොනාල්.. අපි ආපහු ගෙදර යමු ? '' එක අසරණ දෑසක් අවසානෙදි නිහඩතාවය බින්දා.. මුහුදු හුළග තාමත් හඩ තලනවා.. ඒත් අනිත් ඇස් දෙක නම් අරමුණක් නැති තැනක නැවතිලා..

'' මහන්සි නම් ටිකක් ඇලවෙන්න සිතු..'' මුහුදට වඩා ගැඹුරක් අමුතුවෙන් ආරෝපණය කරගන්න හදපු ඒ කටහඩ හිමින් මිමිණුවේ මුහුදු හුළගට අභියෝග කරන්න තරම් පුළුවන් විදියේ ලොකුම ලොකු සුසුමක් පිට කරලා...

              විඩාබර දවසක අවසානයේ හිත නම් සොයන්නෙම නින්ද.. ඔළුව තියාගන්න සැප පහසු තැනක් තියෙද්දි පුංචි නින්දක් දාන්න වුනත් අකමැති වෙන්නේ කවුද ? සිතුම් හෙමිට සීතල ගල් බංකුව දිගේ දිගා වුනා.. ඉතින් සොනාල්ගේ උකුල සිතුම්ට හොද කොට්ටයක්.. සොනාල් හිමින් සිතුම්ගේ ඔළුවට අතක් තියලා අමාරුවෙන් හිනාවක් මවාගත්තා.. සමහර විට සිතුම්ගෙන් ගොඩක් දුරකට ගිහින් තිබ්බ සැනසිම එයාට දෙන්න දරපු අසාර්ථක උත්සහයක් වෙන්නැති..

Apocalypse Where stories live. Discover now