තිස්තුන් වන පරිච්ඡේදය

316 68 47
                                    

දෙදිනක් ගතව ගොස් තිබිණ.ධ්වජේශ්වර පසු වූයේ තුටින් මෙන්ම විස්මයෙනි.නිවරදි නම් මේ වන විට කිසියම්ම හෝ සිදුවීමකට කාලය නියමිතව තුබුණද පංචගාමය තවමත් චංචලය.බලාපොරොත්තුව සිටියේ තවත් අතුරුදන්වීමක් අඩුම තරමේ අනවසර කඩාවැදීමක් හෝ වුවද කිසිඳු හැලහොල්මනකින් තොරව දින ගතව තුබුණි.

මේ වන තෙක් අතුරුදන් වූවන් දස දෙනෙකු සමග එයට හේතුව සොයාගැනීමක් නැතිවම එය වැළලී ගියාදෝ යැයි සිතන විට ධ්වජේශ්වරගේ සිතට පසුතැවීමක් දැනුනද අතුරුදන්වීම් දාමය ඇත්තෙන්ම නිම නම් තවත් අහිංසක ජීවිත ගොදුරු බවට පත් නොවන බව දැනීම ඔහුට සැනසුම ගෙන විත් තිබිණ.

නමුත්.......





එය නිම නොවේ නම්.......???





සිත යට ගිණිපුපුරක් වන් යමක් ඔහුට වද දෙමින් තිබිණ.කිසිවක් අවසන් නොවේ අයුරින් පවසන යමක්......මෙය තවත් ආරම්භයක්ම පමණක් ලෙස හඟවන යමක් වරින් වර පෑරෙමින් ඔහු සිත දරා සිටියේය.

එනිසාම ඔහු කිසි විටෙකත් ආරක්ෂාවන් ලිහිල් කිරීමට ඉඩ තබා නොතිබිණ.අද දින අමාවක දිනය වීත්,අතුරුදන් සිදුවන කාලසීමාව නිල වශයෙන් නිම වී තිබියදීත් කිසි විටෙකත් පංචගාමයන් වටා වූ ආරක්ෂාව බිඳුවකින් හෝ අවම කිරීමට ඔහු ඉඩ ලබා දී තුබුණේ නැත.

ඒ වෙනුවට ඔහු මදින් මද නොසන්සුන් වීමට ආරම්භ කොට තුබුණේ මේ වන විටත් ඔහුගේ සිත රැඳි සංශයකාරී හැඟීම් සිත පුරාවට ඔඩු දිවීම ආරම්භ වීමත් සමගමය.

_____________________________________

සෑම විටෙකම කෝපයෙන් ගිණිගත් අයෙක් වෙනුවට රුද්‍රාරගේ කුමක් හෝ පෙරළියක් වී ඇති බවට පසුගිය දෙදින පුරාවටම ඔහු දෙස ඇස ගසාගෙන හුන් අයෙකුට නම් කිව හැකිව තිබිණ.

දිනකට එක් දේශනයක් හෝ පැහැර හැරීම වෙනුවට ඔහු මේ දින ද්විත්වය තුළදීම පැවැත්වූ දේශනයන්ට ඉතා සාමකාමී අයුරින් සහභාගී වී තිබිණ.එපමණක් නොවේ.....වෙනදා සෙසු සිසුන් රැඳෙන ස්ථාන මගහැර හුන් ඔහු මේ වන විට කිසිඳු වෙනසක් නැත්තෙකු මෙන් නිදහසේ එහා මෙහා යමින් හුන්නේය.එය බොහෝ දුරට විශේෂ වූයේ ඒ බොහෝ අවස්ථාවන්හීදී ඔහු පසුපසින් වල්ගයක් වන්ව සරයු පමණක් හෝ ඇතැම් විට වායු සරයු යන දෙදෙනාම රැඳී සිටීමය.

_🔥භවාන්තර🔥_ [Historical BL]Where stories live. Discover now