රාජකාරිමය පිංකම්

36 11 9
                                    

සමිඳුනේ මට කියා දෙනවද
දෙව් ලොවට මම යන්න යුතුමද
පන්සලේ පිංකම් සියල්ලෙම
මගෙ නමත් ලියනටම ඕනෙද

තුවාලය, කැපුමක්‍ ය, නොම දැනෙන නාඩිය
රුධිර හා රැපිඩ් මෙන් තව තව තවත් දේවල් ය
අත දරා නෙක ටිකට් වරු ගණන් දින ගන්න
කන්නවත් නැත වෙලා එන්න බෑ පිං කමට

දෙන්න ආධාරයක්, නොදුන්නොත් ඇඳ නොදෙම්
නෝට්ටුව මතද සැලකිලි ගිලන් දනට දැන්
මල් පිපී සුවඳ ගෙන පිරෙව්වත් හිත තුටින්
ඒ සුවඳ දෙවනි කර හිතේ කුරිරුම සිතුම්

සැලසුම් ය නිවැරදි ම ගැලපුම්‍ ය සැම ශ්‍රමය
අකැපයි යොදන්නට ඒ ලෙසම සේවයට
විශාලම විසිතුරුම කරන්නට ලොකුම පින
කරුමයකි මිසදුටුව මගෙ හිතට වෙලා නැත

ඉතින් මට ඕනෙ නෑ යන්න ඒ දෙව්ලොවට
සරණ නැති උන් අතැර එන්න ඒ පිංකමට
වසාලන මුසාවක් ෂඩ්වර්ණ රටා මැද
මියෙන හා හඬන හඬ නොඇසුණිද සවනතට

ඉතින් මට ඕනෙ නෑ යන්න ඒ දෙව්ලොවටසරණ නැති උන් අතැර එන්න ඒ පිංකමටවසාලන මුසාවක් ෂඩ්වර්ණ රටා මැදමියෙන හා හඬන හඬ නොඇසුණිද සවනතට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/n මම වැඩකරන තැන පහුගිය දවස්වල ලොකූ පිංකමක් තිබුණා. ඒත් මට ඒක දැනුනේ මහා මුසාවක් විදියට. මේ ඒකට ගෙනාපු මල් දැකලා ආව අදහසක්.

සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍Where stories live. Discover now