🍁 04 Chapter 🍁

1.4K 255 9
                                    

You know, I'd love for the whole world to hear what I have to say, so I do not need your last word.  Because even if you are not, I am yours ...

........................................................................

Next day france ...

Xiao zhan pov,

මන් ආවා බෝ.. ඔයා පරිස්සමෙන් ඉන්නවා නේද? ඔයා මට ඔයාගෙ නම්බර් එකක්වත් දුන්නෙ නෑනෙ මැසේජ් එකක්වත් දාන්න. කමක් නෑ ඒක ඔයා කැමති විදිහනෙ..😔 අඩුම ඔයා මගෙ තෑග්ගට කැමති උනාද කියල දන්නෙ නෑ.. ඒක හොදද? මට ඔයාගෙ කටින්ම ඒක අහන්න ඕනි.. කමක් නෑ මන් හිතා ගන්නම් ඔයා ඒකට කැමති කියල.

හෙට ඉදන් මන් ආයෙ කැම්පස් යනවා..
එහෙම හිත හිතා නොදැනිම මගේ අතේ  තියන මුද්ද මන් කරකව කරකව හිටියෙ..මන් ඒ දිහා බලාන දිග හුස්මක් පහලට දැම්ම. මට බෝ කියපු දේ මතක් උනා.
ඔයා කොහොම කීවත් මන් මෙ මුද්ද අයින් කරන්නෙ නෑ යීබෝ.. මන් මේ බැදීම අතාරින්නෙ නෑ කවදාවත්ම.. කිසිම ආත්මෙක. අනික මන් දැන් Wang xiao zhan . මන් විවාහකයි. කොහොමද විවාහයක් විහිලුවක් වෙන්නෙ.? මන් ලැස්ති නෑ ඒ බැදීම විහිලුවක් කරන්න. අනික මන් ලැජ්ජත් නෑ මන් විවාහකයි කියන්න..
දන්නවද යීබෝ... මගේ ලියො මගේ ආදරේ..
මන් කැමතිම මුලු ලෝකෙටම කෑ ගහල කියන්න ඔයා මගෙ හස්බන් කියල.දන්නවද ඒ හැගීම මොන වගේද කියල? මන් ඒකට තමා ආසම. මන් මෙහෙදි හන්ගන්නෙ නෑ මගේ බැදීම. මන් ඒකට ආදරෙයි.. ඔයා කෙසේවත් මන් හැමදාම ඔයාගෙම විතරයි බෝ.

මන් චීනෙ කැම්පස් එකකට දානව. ඔයත් එක්කම එකට යන්න. ඒත් මන් මෙහෙ ඉදන් කරන්නෙ ලෝකෙ තියන හොදම ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රි එක. ඒක කරාම මට කාගෙන්වත් පිහිටක් බලාපොරොත්තු වෙන්න ඕනි නෑ. අනිත් එක මට මෙහෙ ආර්ට් ගැලරියට යන්නම ඕනි. මෙතන තමා මගේ අනන්‍යතාව තියෙන්නෙ. මගෙ දෙමාපියන්ට ඕනි උනේ මාව මෙ ආර්ට් ගැලරියේ චිත්‍ර අදින්න පුරුදු කරන්න එවන්න. මේකෙන් බිහි වෙන්නෙ ලෝකෙ ඉන්න හොදම අර්ටිස්ට්ලා. මන් දැනටමත් ඒකෙ පලවෙනි අඩිය තියල ඉන්නෙ. ඉතින් ඒක මට අතාරින්න ඕනි නෑ මොනම හේතුවක් නිසාවත්. මොකද ඒ මගේ හැගීම් නිදහසේ ලෝකෙටම දෙන්න මට පුලුවන් එකම විදිහ නිසයි..

Wang house .......

Wang yibo pov,

මන් උදේම නැගිට්ටෙ යුනි යන්න ඕනි නිසා. සකන්ඩ් ඉයර් එන්ඩ් එක්සෑම් එකටත් ලගයි..දැන් එක දිගටම යන්න ඕනි. මන් උදේම නැගිටලා මගෙ බඩු ටිකත් ලෑස්ති කරන්  ශාන් දුන්න පර්ෆියුම් දෙකෙන් Gucci එක අරන් ඇග හෑම තැනටම ගහ ගත්තා. එක හරිම සුවදයි. ටිකක් සැරයි.. අනිත් එක නම් එච්චර සැර නෑ. ඒත් ඒකෙන් එන සුවද හරිම සනීපයි.
ආහ් එතකොටම මතක් උනේ
ශාන් ගියාද දන්නෑ. මන් ගාව නම්බර් එකක්වත් නෑනෙ. එයාට අවුල් යයිද දන්නෑ. ඒත් කමක් නැ. මෙහෙම හොදයි. ඒක දෙන්නටම හොදයි..

Evening star  (Completed)Where stories live. Discover now