🍁 19 Chapter 🍁

1.1K 220 17
                                    

From today I will be loyal to you. Give me a chance too ...

.........................................................................

Wang yibo pov ,

මමාලා ගෙදර ගිහින් එන අතර තුර මායි ශානුයි අතර පැවතියෙ දැඩි නිහඩතාවක් වගේම අපහසුවක්.. එ ගතිය නැතිවෙන්න මන් සින්දුවක් දැම්මා උනත් ඒ ගතිය ඇරිලා ගියේ නෑ. ඒ යන කාලෙ පුරාවටම මන් බලන් හිටියේ ශාන්ගෙ අතේ තියන අපේ වෙඩින් රින්ග් එක දිහා. හිතේ දහසක් දේවල් වැඩ කරනකොට මන් කල්පනා කරේ ඉස්සරහට මන් කරන්න ඔනි දේ ගැන.

කා එක ගෙදර ඉස්සරහින් නවත්තනවත් එක්කම මන් දිහාවත් නොබලා Good night කියලා යන ශාන් දිහා මන් බලන් හිටියෙ හිතේ කොනක අපැහැදිලි සිතුවිලි රාශියක් පොරකනකොට. එය දුකෙන් කියන එක මට හොදටම දැනුනත් එයාට කතා කරන්න ඔනි උනත් මට ඒ වෙලාවෙ එක වචනයක් පිට කර ගන්න බැරි උනා.

කා එක වගේම ගෙදර දොරත් ලොක් කරන් ආව මම පඩිපෙල නැගලා කාමරේට යන්න ගිහින් නැවතිලා බැලුවෙ ශාන්ගෙ රූම් එක දිහා. එයා එක ලොක් කරගෙන. කමරේට ගියපු මම ඇද උඩ ඉදගෙන අත් දෙකෙන්ම මගෙ කොන්ඩෙ ඇද ගත්තෙ මේ වෙලාවෙ මගෙ ඔලුව වගේම හිතත් හොදටම අවුල් වෙල තිබ්බ නිසා.. මමා මුද්ද ගැන අහපු වෙලාවෙ ශාන් මන් දිහා බලපු විදිහත් ඒක අතේ නැ කියලා දැක්කාම ඒ මූන වෙනස් උන හැටි මට මතක් වෙන්න ගත්තා .

කොලර් එකෙන් ඇතුලට අත දාලා මන් මගේ කරේ තිබුන චේන් එක අතට ගත්තා. අරගෙන ඒකේ දාලා තියන මගේ වෙඩින් මුද්ද දිහා බැලුවා. ඒක මන් ගාවම තිබ්බා මමා. එක තිබුනේ මගෙ පපුව ගාව ශාන්..

දන්නවද ශාන් මාත් ඔයා වගේම ඔයා එන දවස වෙනකන්ම මෙ බැදීම පිළිනොගෙනම නමක් නොදන්න හැගීමකට මේ මුද්ද දාන් හිටියා. ඔව් මමත් මේ අවුරුදු තුන පුරාවටම මේ මුදුව දාන් හිටියා ශාන්. ඒත් ඔයා ආයෙම එන දවසෙ මන් මේක ගලවලා අයින් කරේ ඔයා දාන් හිටියේ නැත්තන් කියලා. මට හිතුනා ඔයා මේ අවුරුදු තුන ඇතුලත ඒක අයින් කරලා ඉන්න ඇති කියලා. ඉතින් මන් ඒක ගැලෙව්වා උනත් මට බැරි උනා එක අයින් කරන්න. ඉතින් මන් එක මගෙ මාලෙට දැම්මා. එක මන් එක මොහොතකට වත් මගෙන් ඈත් කරේ නෑ ශාන්.

කොයි තරම් අකමැති උනත්, ඔයාගෙන් ඈත් වෙනවා කියලා හිතුවා උනාවත් මටත් නොදැනිම මන් මේ බැදීම ඇතුලෙ හිර වෙලා ශාන්. ඒත් මන් ඔයාට ආදරේ නෑ ශාන්. මන් කිසිම කෙනෙක්ට ආදරේ කරන්නෙ නැ . ඒත් ඔයා? ඔයා මට ආදරෙයි ද ශාන්? ඔයා ඇවිදින් හිටපු මේ කාලෙ පුරාවටම මන් දැක්ක මන් ගාවදි ඔය ඇස් ඕනිවටත් වඩා දිලිසෙනවා. මන් දන්නෙ නැ අපි දෙන්න වෙඩින් එකට කලින් හම්බ වෙලත් නැ. ඊට පස්සෙ කිසිම සම්බන්ධයක් තියා ගත්තෙත් නැ. ඒත් ඔයා මට කැමතිද ශාන්?

Evening star  (Completed)Where stories live. Discover now