බිලිඳුගේ මියයාම

139 27 12
                                    







😈" හහ් හහ් මෙන්න රජතුමා ඇවිත් එයාගේ රැජිනියව අරගෙන යන්න... "

                        සොක්ජින්ගේ අප්පා ඒමත් නැත්තන් කිම් හන් දෝ එතනට ඇවිත් නපුරු හඩින් හිනාවෙවී කියද්දි කුකී ඉක්මනින් නම්ජූන්ගෙ අත තද කරලා අල්ල ගත්තා... ඒත් හන්දෝ දැන්න් හිටියේ නෑ එයාගේ පිටි පස්සේ එයාගේ පුතා වගේම නම්ජූන්ගේ ආරක්ෂකයෝ දෙන්නා ඉන්නවා කියලා...

🐨" තමුන්ට පණපිටින් ඉන්න ඕනේ නම් අපිට යන්න දෙනවා හන්දෝ... " සියොක්ලා දෙන්නටයි යුංගිටයි ඉගියක් දීපු නම්ජූන් හන්දෝට බයෙන් වගේ එහෙම කියද්දි

😈 " අල්ල ගත්තේ එහෙම ලේසියෙන් යන්න දෙන්න නෙවෙයි කුමාරයෝ... උබේ මේ රාජකුමාරයවත් අරගෙන මේ රාජධානියෙන් පලයන්... ගොඩබිමටම වෙලා හිටපන්... මට මේ රාජධානිය බාරදීල පලයන්... " නපුරු පෙනුම තව තවත් වැඩි කරගනිමින් හන්දෝ කියද්දි

🐨" ඒම නොකලොත් මට මොනා කරන්නද හන්දෝ... " නම්ජූන් කටකොනින් හිනාවෙන ගමන් එහෙම අහද්දි

😈 " මං කරන්නෙද... කරන දේ හොදට බලන් හිටපන්... " හන්දෝ එහෙම කියලා අසුරක් ගහන සැනෙකින් එතනට අදුරු ලේ ඇති කිදුරන් රැස් වෙන්න ගත්තේ නම්ජූන් පුදුම වෙලා බලන් ඉද්දි... නමුත් අදුරු ලේ එතනට එන්න කලින් එතනින් පැනගත්ත සියොක් දෙන්නයි යුංගියි නම්ජූනුයි කුකීයි ඉන්න පැත්තට ආවා... ඒත් පාලනය කරගන්න බැරි තරන් අදුරු ලේ පිරෙද්දි නම්ජූන්ගේ හිත ටිකක් ගැස්සුනේ එයාගේ දරුවා වෙනුවෙන්... ඒත් ඒ බය යටපත් කරගෙන නම්ජූන් කතා කලා...

🐨 " යටත් වෙයන් හන්දෝ... තමුසෙ ඔය සෙල්ලම් කරන්නේ මේ රාජධානියේ රජතුමා එක්ක කියලා අමතක වුනාද... " නම්ජූන් එහෙම කියලා ඉවර වෙනවත් එක්කම අදුරු ලේ තියෙන කිදුරෙක් උල් ආයුධයක් අමෝරාගෙන නම්ජූන්ගේ ඉස්සරහට එද්දි අනිත් අදුරු ලේත් නම්ජූන්ගේ ආරක්ෂකයෝ ටික අල්ල ගනිද්දි නම්ජූන්ට හිතන්නවත් කාලයක් නොතියා එක දිගට පහර එල්ල වුනා... ඒත් අදුරු බලය පාවිච්චි කරපු හන්දෝ නම්ජූන්ට පහරයක් එල්ල කරන්න හැදුවත් ඒක කරන්න බැරි වුනේ කුකී ඉස්සරහට පැනලා නම්ජූන්ව බදාගත්ත හින්දා... ඒත් හිතුවෙ නැති විදියට හන්දෝ උල් ආයුධයකින් නම්ජූන්ට අනිද්දි ඒක වැදුනෙ කුකීගෙ බඩට...

 Dream  Mermadiya💕 (Completed)Where stories live. Discover now