🖤......04......🤍

94 28 3
                                    

ජිමින් කළු පාටට ආස කරන්න ගත්තේ කොහොමද?? ආලෝක රාජධානියේ හැමදේම සුදු පාටනම් එයා කොහොමද කළු පාට අදුරන්නේ??

ඒකට හේතුව ජිමින්ගෙ අප්පා...එයා ආලෝක රජධානියේ ප්‍රධානියා විදියට අවුරුද්දක්ට සැරයක් අඳුරු රාජධානියයේ නායකයව මුණගැහෙන්න ඕන....

දවසක් එනවා....අවුරුද්දටම එන්නේ එකම එක දවසක් විතරයි ..එදාට අදුරු රාජධානියත් ආලෝක රාජධානියත් එකට එකතුවෙනවා..ආලෝකය සහ අඳුර රාජධානි දෙකේ සම සමව බෙදිලා යනවා...එතකොට ආලෝක රාජධානියේ ඉඳන් අඳුරු රාජධානියටත් අඳුරු රාජධානියේ ඉදලා ආලෝක රාජධානියටත් සුරදූතයින්ට ගමන් කරන්න අවස්තාව ලැබෙනවා...හැබැයි හැම සුරදූතයෙක්ටම ඒ අවස්තාව ලැබෙන්නේ නෑ..

නමුත් නායකයාටයි එයාගේ පවුලේ අයටයි නම් අනිවාර්යයෙන්ම ඒ අවස්තාව ලැබුණා...මොකද ඒ දවස තමා රාජධානි දෙකේ නායකයින් එකිනෙකා හමුවෙන දවස...

ඒත් අවාසනාවකට ජිමින්ට අඳුරු රාජධානියට ඇතුළු වෙන්න අවසර ලැබිලා තිබුණෙ එකම එක සැරයක් විතරයි..ඒ එයාගෙ දහවෙනි උපන් දිනය දවසෙ..එදයින් පස්සෙ එන හැම අවුරුද්දකදිම ජිමින් තමන්ගෙ පියාගෙන් කොච්චර ඉල්ලීම් කරත් ජිමින්ට අදුරු රාජධානියට ඇතුළු වෙන්න පිය රජතුමාගෙන් අවසරය ලැනුණේ නෑ..

ජිමින්ගෙ අප්පා කැමති වුණේ නෑ ජිමින්ට අඳුරු රාජධානියේ හෙවනැල්ලක්වත් වැටෙනවට..ඒ නිසා එයා පුළුවන් තරම් තමන්ගෙ ලස්සන සුරදූත කොල්ලව පරිස්සම් කරන්න වග බලාගත්තා..

ජිමින්ගේ අප්පාට ඒකට ලොකු හේතුවකුත් තිබුණා කිව්වොත් හරි..

ආලෝක රාජධානියේ හැමදෙයක්ම සුදු වර්ණයෙන් විචිත්‍රවත් වෙද්දි අදුරු රාජධානියේ හැමදෙයක්ම තිබුණේ කලු පාටින්...ජිමින් ඒ අමුතු වෙනසට ආස කරා...

අවුරුද්දටම එක වතාවක් එන මේ විශේෂ දවසෙදිත් වයිට් ඒන්ජල්ස්ලගෙ නායකයා බ්ලැක් ඒන්ජල්ස්ලගෙ නායකයාව හමුවෙන්න යනවා මිසක් බ්ලැක් ඒන්ජල්ස්ලගෙ නායකයා කවමදාවත් ආලෝක රාජධානියට ඇතුලු වෙලා තිබුන් නෑ..

මොක්ද බ්ලැක් ඒන්ජල්ස්ලා හරිම උඩගුයි...එයාලා හැමදාම කිව්වේ වයිට් ඒන්ජල්ස්ලා කියන්නේ දුර්වලයො කියලා..ඉතින් දුර්වලයෙක් හම්බෙන්න ශක්තිවන්තයා යන්නේ නෑනේ...ඒ දේ තමා ජිමින්ගෙ අප්පටත් සිද්ද වුණේ...


හායි ළමයි...
මාව මතකද...🥲

☀︎︎I̸M̸M̸O̸R̸T̸A̸L̸  L̸O̸V̸E̸☽︎Where stories live. Discover now